hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 මැයි 27, පෙ.ව. 11:52



මීගහතැන්න රජයේ රෝහලේ මාස හයකට වැඩි කාලයක සිට කිසිදු රෝගී තත්ත්වයක් නැතිව රැදී සිටින වියපත් පුද්ගලයකුගේ නෑදැ හිතවතුන් සොයා ගැනීමට මහජන සහය පතනවා.

මාස හයකට පමණ පෙර කළුතර නාගොඩ මහරෝහලෙන් මීගහතැන්න රෝහලට එවා ඇති අවුරුදු 80ක් පමණ වයස මෙම පුද්ගලයාගේ කිසිදු තොරතුරක් සඳහන් වී නැහැ.

රෝහල් කාර්ය මණ්ඩලය ආහාරපාන ඇඳුම් පැලඳුම් ලබාදීම ඔහු රෝහල් වාට්ටුවක කල් ගෙවයි.

මොහු කළුතර නාගොඩ මහ රෝහලේ දිගු කාලයක් රැඳී සිට තිබෙනවා.

ඊට පෙර දර්ගා දර්ගා නගරය රෝහලේ ද රැඳී සිටි තිබෙනවා.

තම නම, ගම, දූ දරුවන්,ඥාති හිතවතුන් පිළිබඳ කිසිවක් නොකියන මෙම වයෝවෘද්ධ පුද්ගලයාගේ ඥාති හිතවතුන් සිටී නම් මීගහතැන්න රෝහලට ගොස් ඔහු කැඳවාගෙන යෑම හෝ සුදුසු පියවරක් ගැනීම කළ හැකියි.