2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ඇයගේ හඬ ගැන අමුතුවෙන් කියන්න ඕනම නැහැ. මේ කියන්න යන්නේත් ඒ හඬට ආදරය කරන තවත් ආදරණීය චරිතය වටා බැඳුණු කතාවක්. ඇය නමින් නිසංගා මායාදුන්න, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් හරියටම වසර ගණනක් ගියාට පස්සේ ඇයට අද මේ කතාව මතක් වෙලා.
නිසංගා එදා ආදරය කළ ඇයගේ හඬින් දකින්න බලාපොරොත්තු වුණු හීනය බොඳවූ කඳුළු කතාවක්ම විතරක් වේවිද..?
මේ අන්න ඒ ගැන ප්‍රවීණ ගායන ශිල්පිනී දීපිකා මුහුණු පොතට එක්කළ සටහනක්..
“නිසංගා මායාදුන්නෙ 2019 අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරයේදී ඉතා අවාසනාවන්ත ලෙස මිය යනවා. ඒ Shangrila හෝටල් පරිශ්‍රයේදී. ඊට හරියටම සතියකට කලින් අවසාන වරට මට සහ චාමිකට ඇයව හමුවන්නේත් අනුලා විද්‍යාලයේ ගුරුවරියකගේ මලගෙදරකදී.. ඒ හෝමාගමදී. තාමත් ඒ මොහොත මට දැන් වගේ මැවිලා පේනවා.
නිසංගා මගෙ කොළඹ ප්‍රසංගයක් තිබුනොත් නෑවිදින් ඉන්නෙම නෑ. ඇය මට ලෙංගතුම සහෝදරියක්. ඇයට හුගක් ආසාවක් තිබුනා ඇයගෙ ගේය පදරචනයකට සුරේෂ්ව සහ මාව එකතු කරගෙන සිංදුවක් කරන්න. නමුත් අප අතරේ තියෙන ලෙංගතු කම නිසාවෙන්ම ඇය මට කවදාවත් ඒක කිව්වෙම නෑ.
අප්‍රියල් 20 වෙනිදා රාත්‍රියේ මම මාරවිල ප්‍රසංගයකට යද්දී සුරේෂ් මට කතා කරලා කිව්වා නිසංගා සිංදුවක් එවලා තියෙනවා ඔයාට කියල voice කරන්න මොකද කරන්නෙ කියලා .මං කිව්වා මට එවන්න කියලා. එතකොටත් නිසංගාගේ missed call එකක් තිබුනා. මට ගන්න බැරිවුනේ ප්‍රසංගය නිසා.
ඇත්තටම එදා මට ඒ වචන බලන්නත් බැරිව ගියා. නැවත පාන්දර උදේ නැගිටලා මම නුවර යන්න පිටත් වුනා ප්‍යෙද්ගලික වැඩකට. උදේ 11 විතර මට බුද්ධදාස ගලප්පත්ති අයියා කතා කරලා කිව්වා. Shangrila වල බෝම්බයක් පුපුරලා ශාන්තා අක්කයි. නිසංගයි නැති වෙලා කියලා. මම මුහුණු පොතට ගිහිල්ල බලද්දී එදා උදෑසනත් මගේ නිර්මාණයකට සුභ පතලා දීර්ඝ සටහනක් නිසංගා ලියලා තිබුනා.
ජීවිතය තන අග පිණි බිදක් කියලා මට දැනෙන්න පටන් ගත්තා. අපේ ආදරණීයන්ට අපිව මෙහම අතහැරලා යන්න හැකිද කියලා හිතුනා. මං නුවර වැඩේ පැත්තකට දාලා කොළඹ ආවා. හවස වෙනකොටත් දේහය ගැන තොරතුරක් දැනගන්න බැරිව ගියා. හැමතැනම Curfew. ඊලග දවසේ උදෑසන ඇයගේ දේහය බලන්න නැවත මම කොට්ටාව ගෙදරට ගියා. ඒ ලස්සන මුහුණට කිසිම හානියක් වෙලා නෑ. මට පෙනුනෙ ඇගේ සුපුරුදු පියකරු හසරැල්ලක් රැදි ඒ මුහුණමයි. ඒ දින කිහිපයම හරි මූසලයි. තවත් දුකයි මේ කෙල්ලගේ call එක මට ගන්න බැරිවීම.
කාලය ගත වුනා. සුරේෂ් මට ඊට මාසයකට පස්සෙ කතා කරා. දයාබර නිසංගාගේ ගීතයට මිහිරි තනුවක් යොදලා සුරේෂ් එක්ක මම ඒ ගීතය කරා. වෙනදට සිනාමුසු මුහුණෙන් ගීතය අලංකාර කරන තැන් කියල දෙන සුරේෂ් මට කිසි දෙයක් කිව්වේ නෑ.මං මට දැනිච්ච විදිහට නිසංගගේ වචන වලට ජීවයක් එකතු කරා.
ඇය සුජීවත්ව ඉද්දී ඇගේ ජීවිතයේ හුගක් අවස්තාවල ඇයට ගුරුහරු කම් දෙන්නට සොහොයුරියක් ලෙස මට හැකි වුණා. මගේ හදවතේ ගැඹුරුම තැන ඇය තවමත් ඉන්නවා.. අද වගේ දවසක මීට අවුරුදු හතකට කලින් මං ඇයට කොට්ටාව සුසානභුමියේදී සමුදුන්නා.එයාට අහන්න බැරි වෙච්ච සිංදුව තමා මේ..
දයාබර නිසංගා.. නිවනින්ම සැනසේවා..
මීට අක්කා ..
දීපී…”
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26