hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11



ඔහුගේ නික්මයාම සමස්ථ සරසවි ප්‍රජාවටම කම්පනයක් වුණා.

ජේෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර, කිසිවෙකුත් නොසිතූ නිමේෂයක සියල්ලන් හඬවා නික්ම ගිය ඇඳුරුතුමෙක්.

ඔහු ගැන සරසවි බිමේ සිසුන්ට ඉතුරු වෙලා තිබුණේ සුන්දර මතක පමණයි.

දරුවන් දස දහස් ගණනකගේ නෙත් පාදන්න මග කියාදුන් මේ අතිදක්ෂ ගුරු භූමිකාව නික්ම ගියද ඔහුගේ ගුණ ගැන අද බොහෝ දෙනා කතා කරනවා.

ඇය සරසවි සිසුවියක්ව සිටි කාලයේ පටන් වසර ගණනක මතකය, සිසුවියක් අවදිකර තිබුණේ මෙන්න මේ විදිහටයි.

“දරුවෙක්ට කිසිම වයසකදි අම්මා, තාත්තා නැති වෙන්න හොද නෑ වගේ අපිටත් සර්ව නැති වෙන්න හොද නෑ..
සර් අපි මේ පලවෙනි ෆොටෝ එක ගත්තේ Unveiling ceremony එකට අනේ ඒකේ ලස්සන බලන්නකෝ සර්.. සර් ආස විදිහට සර් කැමති තැනින් අපි ඒක ගත්තේ.. මං සර්ට ෆොටෝ ටික යවනකොට සර් එළකිරි පුතා කිව්වා..
සෙනසුරාදා ඉදන් මං මේ ෆොටෝ එක farward කරනවා සර් අපි මේකට නෙවෙයි මේක ගත්තේ..
සර්ගේ headship එකේ අවුරුදු 3ත් deanship එකේ අවුරුදු 3ත් එක්ක සර්ගේ අවුරුදු ගානක මතකය අපි කොහොම අමතක කරන්නද සර්.
එකම එක දවසක්වත් සර්ට අපි එක්ක තරහ ගියේ නෑ.
අපේ සර් කියලා අපි හරි ආදරෙන් සර්ට කිව්වේ.
මේ පාර අවුරුදු මේසෙට සර් ආවේ නැත්තේ ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තිබ්බත් චානක සර්ලා කිව්වනේ සර් rest එකේ ඉන්නවා කියලා ජීවිතේට call back නොකර හිටපු සර් එහෙම කරනකොට හිතට අමුත්තක් දැනුනා.
අයන්ති මිස්ගේ කට්ලට් ටිකත් අරගෙන සර් ගිය අවුරුද්දේ ආවේ
Deanship එක ඉවර වෙලා යද්දිත් මං සර් ගැන ලිව්වා
සර් ආයේ අපිව බලන්න හිස් අතින් ආවේ නෑනේ කැන්ටිමෙන් මොනවා හරි අරගෙන ආවේ.
සර් එනකොට ඉන්නකොට හරි සිරියාවයි faculty එක අපි ඒක හැමදාම සර්ට කිව්වා.
අපිට සර්ප්‍රයිස් පාටි කරන්න බෑ සර් එක්ක..
අපි කපන කේක්වල සර්ගේ පංගුව තියෙනකොට අපිට හොරෙන් සර් ඒක law එකේ රසික අයියට දෙනවා කියලා අපි දන්නවා..
“පුතා මං විනාඩි දෙකෙන් ඔතන”
“ඒකට කිසි ප්‍රශ්නයක් නෑ පුතා”
“ශා අද හරි ලස්සනයිනේ”
“නිරෝශා පුතේ විනාඩියක් එන්නකෝ”
“නිරෝශට හරි තුශාරිට හරි එන්න කියන්නකෝ”
කවදාවත් room එකෙන් එලියේ අපිව තිබ්බේ නෑ ගේන්න “පුතා ටග්ගාලා sign කරමු “
“හරි නේද පුතා එහෙනම්”
“මං කලින් යනවා ප්‍රියන්ත ඇක්ටින් “
” මේ අපි යං බං කොහෙ හරි”
මේ ටිකයි කියන්න බැරි රස කතා ගොඩයි..
සර්ට අපි හරි ආදරෙයි ආයේ කවදා ඒ සුන්දර හිනාව අපි දකින්නද ලෝබයි සර් අපිට..
සර් ඔහොම ඉන්නවා බලන්න අපිට හයියක් නෑ සර්..
සර් මේ ලෝකෙට හොද වැඩී..
අද අපි සර් එක්ක තරහයි අද සර් අහංකාරයි..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: