hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 3:15



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා.

ඒ අතරේ කලාකරුවෝ, දේශපාලඥයින් සහ ඔහුගේ රසික ප්‍රජාවද වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද ජැක්සන් ඇන්තනි මහතාට අවසන් ගෞරව දක්වන්න පැමිණියා.

ලංකාවේ සිටි හොඳ කලාකාරයෙක් සහ සෑම අතින්ම දක්ෂ පුද්ගලයෙක් නැති වූ බවත් එය මෙරටට සිදු වූ විශාල පාඩුවක් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා සිටි දේශපාලන කඳවුරේ ජැක්සන් මහතා ද සිටි නිසා දැඩි ලෙස විවේචන ද එල්ල වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: