hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 4:28



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් පවුලත් එක්ක ගොඩක් සමීප චරිතයක් තමයි සිනෙති අකිලා කියලා කියන්නේ. 

ඉතින් මේ මහා කලාකරුවාගේ වියෝව ඇයටත් දැනෙනවා ඇති.

කොහොම වුණත් සිනෙති ඒ ගැන සංවේදී සටහනක් ඇගේ මුහුණු පොතේ තබා තිබුණා.

රැයක් දවාලක් නොබලා අපි වෙනුවෙන් ආදරය දී වැරදි වෙන තැන් වල පුංචි තරවටු එක්ක අවවාද දීලා හරි මාර්ගයේ ගමන් යන්නට පාර පෙන්නුවේ ඔබයි.

ජීවිතෙ ලස්සනම දවසේ පෝරුවට නගින කොට අප්පච්චී කෙනෙක් වුනේ ඔබයි.

මහ ගොඩක් දැනුම පිරුණු ඔබ සමීපයෙම වැඩෙන කොට සාහිත්‍ය කලාව සිනමාව වගෙම ජීවිතේද ඉගැන්නුවේ ඔබයි.

අප්පච්චී කෙනෙක් නැති අඩුව නොදැනෙන්න අප්පච්චී සුවඳින් අපේ මුළු ජීවිතේම සුවඳවත් කලේ ඔබයි.

කුණාටු පිරුණු ඍතුවලත් වසන්තයෙත් අපේ ජීවිතවල සෙත් කවිය වූයේ ඔබයි.

ඔබ නැති අඩුව පිරුණු හිස්තැන හැමදාම හිස් වී පවතීවි. හදවතේ ගැඹුරුම තැන්වල මතක වී ඔබ අප සමඟම ජීවත් වේවී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: