hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 13, ප.ව. 5:34



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු වුණා. 

අකිල, මාධවී සහ සජිත යන දරු තිදෙනා සිය පියාගේ ආභාෂය ලබමින් කලාවේ දිනා සිටින අය වෙනවා.

ඉතිං රටම හඳුනන ජැක්සන්ගේ එකම දියණිය මාධවී ගැනත් කාලෙන් කාලෙට පුවත් මැවෙනවා.

පෞද්ගලික ජීවිතය තුළ විවාහ දෙකකට සමු දී සිටින ඇය මේ වන විට පෙම්වතියක් බව නොරහසක්.

ඇයගේ පෙම්වතා කලාවට සම්බන්ධ කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.

කොහොම නමුත් මාධවී මීට පෙර විවාහ වී සිටියේ ගුවන් නියමුවෙකු වන මිලාන් සිල්වා සමගයි.

ඉතින් ජැක්සන් ඇන්තනීගේ අභාවයත් සමඟ යළිත් මිලාන් ගැන අවධානය යොමුව තිබෙනවා.

ජැක්සන් ඇන්තනීගේ සමුගැනීම සම්බන්ධයෙන් මිලාන් සිය ශෝක ප්‍රකාශ කරන්නට අමතක කර නැත.

ඔහු ඒ සම්බන්ධයෙන් වන පුවත කන වැකුණු විගස සිය ශෝකය ප්‍රකාශ කර තිබූ අතර අවසන් කටයුතු සිදු කළ ඊයේ දින යළිත් එම මතක ඉස්මතු කරමින් මෝක්ෂ සුවය ප්‍රාර්ථනා කර තිබුනේ මෙලෙසින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: