hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 01, ප.ව. 12:09



මුදල් විශුද්ධිකරණයට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රශේඛර්, තමාට ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශනේ දේපොලක් මිල දී ගත් බව ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් පිළිගෙන තිබෙනවා.

ඒ ඉන්දීය Enforcement Directorate විමර්ශන නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරිමේදීයි.

වැලිගම යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර එහි වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධයි.

මෙම දේපල ඇත්ත වශයෙන්ම ව්‍යාපාරිකයා විසින් මිලදී ගත්තාද නැතහොත් ඔහු ඇයට බොරු කීවාද යන්න මූල්‍ය විමර්ශන ඒජන්සිය තවමත් තහවුරු කර නොමැත.

ශ්‍රී ලංකාවේ නිවසක් ගැන සුකේෂ් පැවසූ නමුත් තමා කිසි විටෙකත් එහි නොසිටි බව ජැකලින් සදහන් කර තිබෙනවා.

ඊට අමතරව, ඇය ඔරලෝසු පහක්, ස්වර්ණාභරණ 20 ක්, සපත්තු ජෝඩු 65 ක්, ඇඳුම් පැළඳුම් 47 ක්, බෑග් 36 ක්, සිතුවම් 9 ක් සහ පිඟන් කෝප්ප ත්‍යාග ලෙස ලබා ගත් බව අනාවරණ වී තිබෙනවා.

සුකේෂ් විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තෑගි කර ඇති බව පැවසෙනවා.

එමෙන්ම, විමර්ශන නිලධාරින් පවසන්නේ සුකේෂ් චන්ද්‍රශේකර් පසුගිය වසරේ ජැකලින් ෆර්නැන්ඩස්ගේ දෙමාපියන්ට මෝටර් රථ දෙකක් තෑගි කළ බව ඇය සැඟවූ බවයි.  

සුකේෂ් ගේ අපරාධ ඉතිහාසය, ඔහු තිහාර් බන්ධනාගාරයේ රඳවා සිටි බව සහ Leena Maria Paul ඔහුගේ බිරිඳ බව හොඳින් දැන සිටි ජැකලින් ෆර්නැන්ඩස් වටිනා තෑගි භුක්ති විඳීමෙන් මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වී ඇතැයි විමර්ශන නිලධාරීන් චෝදනා කළා.

චන්ද්‍රශේඛර් ට අදාළ දුරකථන දත්ත මකා දමන ලෙස ඇය තම කාර්ය මණ්ඩලයට දන්වා ඇති අතර, එය සාක්ෂි විකෘති කිරීමක්.

සුකේෂ් චන්ද්‍රෙශ්ඛර්ට එරෙහිව ඉන්දීය රු. කෝටි 200 ක කප්පම් නඩුවක් සම්බන්ධ විමර්ශනයට අදාළව ඉන්දීය Enforcement Directorate විමර්ශන නිලධාරීන් මේ මස මුලදී ජැකලින් ෆර්නැන්ඩස් විත්තිකාරියක් ලෙස නම් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: