hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 10, පෙ.ව. 12:08



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා වුණ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට කිව්වා මතක ඇති.

ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය එදාම වෛද්‍ය විද්‍යාලයකට භාර දුන්නා.

සිය පියාගේ අවසන් මොහොත පිළිබදව මධුමාදව අද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

මේ එම සටහනයි.

”ඔයා දැක්කෙ නෑ මගෙ පන

ඔයා යනකොට උන දේ…

ඔයාගෙ” අචිකා” කඩාගෙන වැටුනද..?

නෑ ද…….?

“මගෙ පුතේ මගේ අචිකා ලෝකෙ පෙරලුනත්

කඩා වැටෙන් නෑ…”

එහෙම තමා තාත්ත අම්මට කතා කරේ..

“අචිකා”

කොටින්ම මම මලත් පුතේ..

මගේ අචිකා කඩාගෙන වැටෙන්නෑ ..

කියල කිව්වෙ ආඩම්බරෙන්….ආදරෙන්…

මගේ ගෑනි තමා ඒ..

උබලගෙ අම්ම තමා ඒ….

වත්තෙගම නැවතිලා අපි, තාත්ත කොල්බ රස්සාවට එනකොට,

අම්මා..

තාත්තා කොලබට මුලින්ම තනියම එවනකොට….

අචිකා කඩා වැටුනේ නෑ… මගෙ තාත්තේ….

එක්කො ඔයාගෙ අචිකා ඒක පෙන්නුවෙ නෑ…

එයාට ඔයා හිටියනේ…

නරක කාල වල,

ඔය දෙන්න නොකා අපිට බත් ගුලි රසට හදල කවද්දි,

මගේ පුතේ උබලට රහ ඇතිද බත් කිය කිය හූල්ල හූල්ල තාත්තේ ඔයා අපිට කවද්දි.. ඔයා ගෙ ඇස් වලින් කදුලු විද්දට…

කුස්සියෙ ඉදන් බත් තම්බපු ඔයාගෙ අචිකා කඩා වැටුනේ නෑ මගෙ තාත්තෙ..

එක්කො එයා පෙන්නුවෙ නෑ..

ඔයා හිටියනෙ…..

අපිට අමාරුකාලයක් ඇවිත්..

අනේ අපේ දරුවොන්ගෙ බඩ ගෙඩි ටික පුරවන්න අපි මහගෙදර විකුනමු කිව්වම

සන්වේදී ඔයා ඒකටත් කඩා වැටුනට පපුව අල්ලන්, ඔයාගෙ අචිකා කඩා වැටුනේ නෑ නේද මගෙ තාත්තේ..

එක්කො එයා පෙන්නුවෙ නෑ….

එයාට ඔයා හිටියනේ….

තාත්තගෙ රස්සාව නැති වෙලා

තාත්තා ඇස් ලොවි පාට කරගෙන ගෙදර එනදා….

අචිකා කඩා වැටුන් නෑ…නේඩ මගෙ තාත්තේ.

එක්කො ඔයාගෙ අචිකා ඒක පෙන්නුවෙ නෑ

රස්සාව නැති උනාට එයාට ඔයා හිටියනේ…

අපි තුන් දෙනා ලොකු මහත් කරල අපි ගැන මිනිස්සු ආදරෙන් කතා කරද්දි..

මම ගයද්දි

අයිය රට ඉදිද්දි

මල්ලි රග පාද්දී…

සාලෙට වෙලා උබ හයියෙන් කෑ ගැහුවා..

පපුවට ගහගෙන..

” ඒ මගෙ ලේ ” ඒ මගෙක්පනවල් තුන කියලා… අපේ ලොකුම රසිකයා ආදරේ වැඩි උනාමත් කඩා වැටිලා කදුලු වගුරද්දි…

අපේ ලොකුම රසිකාවිය , උබේ අචිකා කඩා වැටුනේ නෑ මගෙ තාත්තේ..

එක්කො එයා ඒක පෙන්නුවෙ නෑ…

අපි එකට හිටියනෙ…

අන්තිමට හැම දේම වෙනස් උනත්..

තාත්තගෙ මතකයේ….

එයාට පවුලේ අයව අමතක උනේ නෑ..

ඒත් අපි ඔක්කටම වඩා ..

උදේ ඉදන් එයා වැඩිපුරම කිව්ව නම.

අන්තිම මාස හයේ ඔයා ඇස් දෙක වහගෙන ඇදට වෙලා කිව්ව එකම නම…

අචිකා…..

අචිකා..

අචිකා…

එයා දුවගෙන ආව ඒ නම කියද්දි…

ඔයා ගෙ කක්ක, චූ, පිහ පිහ බත් කට කට කවද්දි….

ඇස් වහන් මගෙ අචිකෝ

කිය කිය ඔයා බත් කට කට කද්දි..

අචිකා කඩන් වැටුනේ නෑ…. මගෙ තාත්තේ…

එක්කො ඔයාගෙ අචිකා ඒක පෙන්නුවෙ නෑ

ඔයා හිටියනේ….

අන්තිම දවසේ උදේ තේ එක අරන් එනකොට

ඔයා එන ටිකට…

ඔයා නොකියම නින්දෙන්ම ගියා කියලා..

“පුතේ තාත්ත කතා කරන්නෑ මට”

කිව්ව වෙලේ ඉදන් මගෙ තාත්තේ

අපි ඔයාව ඔයා කිව්ව විදිහට ලෑස්ති කරදි

වැඩ කරද්දි

එහෙ මෙහෙ යනකොට

සත්තයි බැලුවා..මගෙ පන අවුරුදු 13 ඉදල ඔයාට ආදරේ දුන්න ඔයාගෙ අචිකා….

කඩා වැටුන් නෑ.. හැබැයි අපි එක්ක කතා කරෙත් නෑ….. එයා නිහඩව බලා ගෙන හිටියා.

ඔයා ව ගෙනියන්න යන වෙලේ..

(එවේලෙ කිසි දෙයක් මතක නෑ)

මන් පස්සෙ දැක්කෙ එයා

ඔයා ව නිතර නිතර ඇවිල්ල එබි එබි හොයල..

ඔයාව එලියට ගන්නකොට මගෙ තාත්තෙ, මම අචිකව හෙව්ව…..

අචිකා බලා ගෙන හිටියා…

ඔයා යන දිහා… ගලක් වගේ දියවෙන.

හැබැයි කඩා ….නොවැටී…

එක්කො නොපෙන්නා…

ඔයා හිටියනේ මගෙ තාත්තේ පෙට්ටිය ඇතුලෙ.

හැම දේම ඉවර කරන්න මගෙ තාත්තේ..

මමයි අයියයි මල්ලියි කට්ටියයි…..

අන්තිම සැරේට ඔයාව කරේ තියගෙන..

අර අලු කරන බිංගියට දාන්න කලින්

මන් තාත්ත අතින් උස්සන ගමන්…

උරහිසට උඩින්….

එකම එක සැරයක් බැලුවා

මගෙ තත්තේ ඔයාගෙ අචිකා දිහා…

අම්මෙ ඔයාගෙ සුනිල් එහෙනම් අපි පුච්චන්නම්ද පන කියල අහන්න…..

මගෙ තාත්තේ…

මම දැක්ක දේ ඔයා දැක්කනම්..

ඔයා නැගිටියි මගෙ දෙයියෝ..

ආදාහනා ගාරෙ බිත්තියට ඉස්සරහ හැම දේම දරාගෙන හිටිය උබේ අචිකා…

බිත්තියට හේත්තු උනා පන…..

බිත්තිය දිගේ…

ඒ අචිකා කඩා ගෙන වැටුනා…..

කට්ටිය එයාව වට කරගන්න කොට…

අපේ අත් උඩ හිටිය මගෙ තාත්තේ..

මට කෑ ගහල කියන්න හිතුනා…

මගෙ තාත්තේ නුබට වැරදුනා….මගෙ මැනික.

කිසිම දේකට කඩා නොවැටුන..

ඔයාගෙ අචිකා…..

ඔයාව පිච්චෙන්න ගුහාවට දානකොට….

ඔව් ඔයාගෙ අචිකා,බිත්තිය දිගේ කඩා ගෙන වැටුනා..මගෙ අහිංසකයෝ….

මොකද….

එයාට දැනුනා……

ඔයා ආයේ නෑ එයාට අචිකා කියන්න කියලා.

ආයෙත් ඔයා හුලගකවත් නෑ කියල…

සමහර විට තාත්තේ ඔයා යන දාඅම්මට එහෙම වෙන බව..

ඔයත් දැන ගෙන ඉන්න ඇති…

හැබැයි අචිකා…

ඔයාගෙ සුනිල් ඒක නොපෙන්න ඉන්න ඇති.

එයා මේ කියාදෙන්නෙත් ජීවිතය නේද..

(ඉන්න කොට ඉබගන්න..ඔබට ඕනෙ විදිහට.

මැරුනම යන්න දෙන්න..මට ඕන විදිහට….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: