hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2026 මැයි 05, පෙ.ව. 12:21



එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සල් ලියාපදිංචි කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී ලියාපදිංචි කිරීම් සිදුකර ගත හැකි බවයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි මහතා පැවසුවේ.

එහිදී දන්සල පැවැත්වෙන ස්ථානය, සංවිධානය කරන පාර්ශ්වයන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය වැනි මූලික තොරතුරු ලබා ගනිමින් මෙම ලියාපදිංචිය සිදුවන බවත් එම ලියාපදිංචියෙන් පසුව දන්සලේ ආහාර පිළියෙල කරන අයුරු, කසළ කළමනාකරණය කිරීම් සිදුකිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සනීපාරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බැලීමක් සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළා.

දන්සල් සඳහා ආහාර නිකුත් කිරීමේදී අතින් ආහාර ඇල්ලීම සිදු නොකළ යුතු බවත් ඒ සඳහා ආහාර ලබා දීම සඳහා සකසා ඇති උපකරණ, අත්වැසුම් භාවිතයට ගත යුතු බවත් මෙහිදී අනුර තිලකසිරි මහතා පෙන්වා දුන්නා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබූ අතර එම කරුණු 9කින් යුත් මාර්ගෝපදේශ මාලාව යටතේ සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක  කොටඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවද දක්වා තිබෙනවා.

එම මාර්ගෝපදේශමාලව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: