hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 10:02



අලුත්ගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 3,100ක් වටිනා ළදරු කිරිපිටි ටින් එකක් සොරාගත් 30 හැවිරිදි ධීවර පියෙකු අලුත්ගම පොලිසිය මගින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අවුරුද්දයි මාස අටක් වයසැති සිය කුඩා දරුවාගේ බඩගින්න නිවා දැමීම සඳහා එම කිරිපිටි ටින් එක සොරාගත් බව ඔහු පොලිසිය හමුවේ හඬා වැටෙමින් පවසා තිබෙනවා.

සැකකාර පියා එම සුපිරි වෙළෙඳසල වෙත ගොස් කිරිපිටි ටින් එක රැගෙන එය ඔහු හැඳ සිටි කමිසය තුළ සඟවා ගැනීමට උත්සාහ ගැනීමේදී එහි සේවිකාවක් මේ සිද්ධිය දැක එහි සිටි ආරක්‍ෂක නිලධාරියෙකුට දැන්වීමෙන් අනතුරුව සැකකාර පියා අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.