hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 25, පෙ.ව. 10:36



පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවති 2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සශ්මි දිසානායක සමත් වුණා.

මෙම තරගයට ලොව රටවල් ගණනාවක රූමත් තරුණියන් සහභාගී වී ඇති අතර එහිදී ඇය එම තරගාවලියේ දී Mrs Earth best in catwalk, Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලම ජයග්‍රහණය කර තිබෙනවා.

පිලිපීනයේ මැනිලා නුවර  Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs.Earth international – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව,නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණා.

කොළඹ ගේට්වේ ජාත්‍යාන්තර විදුහලේ අධ්‍යාපනය ලැබූ සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්‍යක්ෂ ලෙස චරිත් ගුණසේකර යන මහත්වරු කටයුතු කළා.

ලෝක විවාහක මිහිතල රැජින ‘‘Mrs.Earth international‘‘ කිරුල දිනූ සශ්මි ජයග්‍රහණයෙන් පසු පැවැසුවේ මෙවැනි අදහසක්.

“ඔබේ සිහින සැබෑවන තුරු මහන්සි වී වැඩකරන්න, අද මම ඒ සතුට භුක්ති විඳින්නේ ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහටයි.පෘථිවි පවුලේ  කොටසක් විම මගේ සතුරයි.  එය ඒතරම්ම මට ආශිර්වාදයක්. මගේ ජාතික පුහුණුකරු නර්තන ශිල්පී රුක්මාල් සේනානායක මහතාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. මම අද කවුරුන්ද යන්න ලොවට කියා දෙන්න මාව ඒ තත්ත්වයට ගේන්න ඔහු කළ උපරිම කැපවීම ගැන කියන්න වචන නැති තරම්.  හැමවිටම මගේ පිටුපසින් සිටිමින් මට ශක්තිය දෙන ආදරණීය සර් රුක්මාල්ගේ සහාය මට ලෝකයක් වුණා. මේ කිරුළේ අභිමානය මගේ රටට හා මගේ සර්ට හිමි විය යුතුයි.”

Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: