hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 5:29



වෙස්ට්මිනිස්ටර් ශාලාවට දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගෙන ඒමෙන් පසු දේහයට ගෞරව කිරීම සඳහා ඉදිරි දිනවලදී ලන්ඩනයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළ ගැසෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දැනටමත් ජනතාව පෙළ ගැසී ඇති පෝලිම්වල පළමුවැන්නා ලෙස වැනේසා නන්තකුමාරන් නැමැති කාන්තාවක් සිටින බවත් ඇය ලන්ඩනයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් බවත් විදෙස් මාධ්‍ය පවසනවා

56 හැවිරිදි නන්තකුමාරන් පවසා තිබෙන්නේ රැජිනට අවසන් ගෞරව දැක්වීමට සහ රැජිනගේ සේවයට ස්තූති කිරීමට ලද අවස්ථාව වෙනුවෙන් බලා සිටීම වටින බවයි

නන්තකුමාරන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ මහ රැජින රට වෙනුවෙන්, ජාත්‍යන්තරව සහ පොදුරාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් විශාල සේවයක් කළ බවයි.

ඇයගේ ලොකු මාමා VI වන ජෝර්ජ් රජු විසින් නයිට් පදවිය ලැබූ බවත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර රජුගේ රාජාභිෂේකයට සහභාගී වීමට ඔවුන්ට ආරාධනා කළ බවත් නන්තකුමාරන් පවසනවා.

පැය 48 කට පෙර රැජිනගේ දේහයට ගෞරව කිරීම සඳහා Lambeth පාලමේ දකුණු පැත්තට පැමිණි පළමු පුද්ගලයා වීමට නන්තකුමාරන්ට අවස්ථාව ලැබී තිබෙනවා.

විලියම් කුමරු හමුවීමටද ඇය වාසනාවන්ත වී ඇති අතර ඇගේ පවුලේ අයද රාජකීයයන් සමඟ සබඳතා පවත්වා ඇති බැවින් දින ගණනක් හෝ සිට රැජිනට අවසන් ගෞරව දැක්වීම ඇයගේ යුතුකමක් බවයි වැනේසා නන්තකුමාරන් සඳහන් කරන්නේ.