2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 9:54
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන කොළඹ නෙළුම් කුලුන ඊයේ (15) මහජනතාවට විවෘත කෙරුණා.
දෙස් විදෙස් ජනතාවට නෙළුම් කුලුන නැරඹීමේ අවස්ථාව ඊයේ සිට හිමි වූ අතර එය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්රැස්ව සිටි බව වාර්තා වුණා.
මේ අතර නෙළුම් කුළුණ උඩට පැමිණි විට තුසිත දිව්‍ය ලෝකයට ආසන්න වූ බවක් හැගී යන බව නෙළුම් කුළුණ නැරඹීමට ආ භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
දැනුම විනෝදය ලබා ගැනීමට ද අවට සිරියාව නැරඹීමට එහිදී හැකි බවද පැවසූ උන්වහන්සේ මෙම ස්ථානය රැකගැනීම අපවිත්‍ර නොකිරීම සියලු දෙනාගේම වගකීමක් බවද කියා සිටියා.
නෙළුමෙන් සංකේතවත් වන්නේ බුදු පියාණන් වහන්සේ බවද පැවසූ උන්වහන්සේ නෙළුම් කුළුණට පැමිණි පසු මානසික ආතතිය දුරුකර ගත හැකි බවද වැඩිදුරටත් කියා සිටියා.
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12