2023 පෙබරවාරි 11, ප.ව. 8:44
තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන 32 හැවිරිදි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පරිගණක අපාරාධ කොට්ඨාසය මගින් ඊයේ (10) මාතලේ ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තම නිරුවත් ඡායාරූප කිසිවෙකු විසින් වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට සිද්ධියට මුහුණදුන් කාන්තාව විසින් මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකින් පසු සිදුකෙරුණු විමර්ශනවලදී අදාළ කාන්තාව පිළිබඳව අනාවරණය වී තිබෙනවා.
සැකකාර කාන්තාව සහ නෑනා කලක් මිත්‍රත්වයෙන් සිට මේ වනවිට අමනාපයෙන් පසුවන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06