hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 7:35



පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.

පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ පළමු සිව් දරු නිවුන් උපත මෙය බවයි.

පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් 24 හැවිරිදි තරුණ මවක ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂ සිද්ධියක්.

සිසේරියන් සැත්කමින් ඇය බිළිදකු හා බිළිදියන් තිදෙනකු මෙසේ බිහි කළ බව වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු පැවසුවා.