hit counter

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 25, පෙ.ව. 11:15



හාමස් සමග බත් සැපයූ පිටකොටුවේ හෝටලයක් වැටලූ පිටකොටුව පොලිසිය එම හෝටලයේ තිබූ මරාදැමූ හාවන් සිව් දෙනෙකු ද ඊයේ සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පවසන අන්දමට මෙම හෝටල් හිමියා කුකුල් මස් කියා කෑමට සපයන්නේ මෙම හාමස්.

මෙම හෝටලයේ කෑමට පැමිණෙන පුද්ගලයන්ට කුකුළු මස් කියා මෙසේ හාමස් අනුභව කිරීමට දී ඇති අතර මෙම හෝටල් හිමියා හාවන්ගේ ගොවි පොළක්ද මඩකලපුවේ පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

මෙම හෝටලයෙන් බත් පාර්සලයක් ගෙනා පුද්ගලයෙකුට හාවෙකුගේ හිස කොටසක් හමුවී තිබෙන අතර කුකුළු මස් සහිත බත් පාර්සලයක මෙවැනි හිසක් හමුවීම පිළිබඳව ඔහු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම හෝටල් හිමියාට විරුද්ධව නඩු පවරන බව පොලිසිය සඳහන් කරයි.