hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 7:52



මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍යයක් තමයි ‘දිවිතුරා’ කියන්නෙ.

ඉතින් දිවිතුරාහි රඟපාන ටීනා කියන චරිතය ඔබට මතක ඇති.

මේ චරිතයට පණපොවන්නේ සංජානා ඔනාලි ගමාරච්චි.

ඉතින් පසුගිය දවස්වල නම් ඇය පිළිබඳව බොහෝ කතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වුණා.

කොහොම වුණත් ඒ සියල්ල සම සිතින් විඳ දරාගෙන බොහොම සාර්ථක ගමනක් රංගන ජීවිතය තුළ ඇය මේ වන විට යමින් සිටිනවා.

අවුරුදු කුමරියක් ලෙස කිරුළු පළඳින ඇය පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නට වරම් උදාකර ගන්නවා.

ඉතින් ඒ සමගම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට රංගන හැකියාවන් ඔස්සේ වගේම ඇගේ රූප සම්පත්තිය නිසාත් ඇයට හැකියාව ලැබෙනවා.

නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කෙරෙන ඇය මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙනවා.

පසුගිය දවස්වල BMW කතාවක් සමග ඇය ජනතාව අතර බොහෝ කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත් ඇය නම් කියන්නේ එවැනි කතාවක් ඇය ප්‍රකාශ කළේ නැති බවයි.

ඉතින් පසුගියදා සිංගප්පූරුවට ගියපු සංජානට ඇයගේ ආදරණීය පෙම්වතාගෙන් සෙනෙහෙබර විවාහ යෝජනාව එනවා.

ඉතින් හරි ලස්සනට අපූරුවට මේ පෙම්වතා තමන්ගේ ආදරණීය පෙම්වතිය වන සංජානව සෆ්ප්‍රයිස්  කරන්න සිංගප්පූරුවේ හරි ලස්සන සුන්දර තැනක් තෝරාගෙන තිබුණා.

ඇයට මේ සුරූපී කඩවසම් පෙම්වතාව හම්බවෙලා තියෙන්නේ යාළුවෙක්ගේ මාර්ගයෙන්.

ඒ විදියට හමු වුණු විහගයි සංජානයි සති දෙකක් වගේ ඉතාම කෙටි කාලයකදී විවාහ ගිවිස ගැනීම සූදානම් කරගෙන සාර්ථකව එය සිදු කරනවා.

නිතරම වගේ තමාගේ යූටියුබ් නාලිකාව හරහා අපූරු වීඩියෝ අරන් එන සංජානා පසුගිය දවසක නවතම වීඩියෝවක් පළ කර තිබුණා.

ඒ ඇය ලේ දන්දීමක් සඳහා ගිය හැටි කියමින්.