hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 9:50



සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්.

මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.

හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ.

ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ.

ඒ වගේම තමයි සාරංග සහ දිනක්ෂි  කිසිම ආකාරයකින් දියණියගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කළේ නැහැ.

එනිසාම ගොඩක් අය බයින්න පටං ගත්තා අරුම පුදුම ළමයෙක් තමයි මේ දෙන්නට ඉන්නේ කියලා.

කොහොමහරි පසුගිය දවසක දිනක්ෂි පුවත්පත් සාකච්ඡාවක දී සඳහන් කරලා තිබුනා ළමයට ඇස් වහ කට වහ වදි කියලවත්  නරකක් වෙයි කියලා වත් ඒ විදිහට ඡායාරූප නොදා හිටියේ නෑ කියලා.

කොහොම හරි ඇය අවසානයේ දී සඳහන් කළා දියණියට අවුරුද්දක් සම්පූර්ණ වුණු අවස්ථාවේදී ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරන්න  දෙන්නම බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන දේ.

කෙසේ නමුත් අද දින ඔවුන් තමන්ගේ ආදරණීය සිඟිති දියණියත් එක්ක බොහොම ලස්සනට ගීතයක් නිර්මාණය කරලා ඔවුන්ගේ දියණිය කව්ද කියන්න සමාජයටම පෙන්නුවා.

ළමයා පෙන්නුවෙ නෑ කියලා දොස් කියපු ගොඩක් දෙනෙක්ට සහ දිනක්ෂිගේ  ආදරණීය දරුවා බලන්න බලාගෙන හිටපු ගොඩක් දෙනෙක්ට මේක තවත් සුන්දර අවස්ථාවක්.