2022 අගෝස්‍තු 16, ප.ව. 3:12
චීනයේ ‘යුවාන් වැන්ග් 5’ නැව හම්බන්තොට වරායට පැමිණි බව වාර්තා වනවා.
මෙම නෞකාව මීට පෙර ලංකාවට නැංගුරම් ලෑමට නියමිතව තිබූ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය එම ගමන ප්‍රමාද කරන ලෙස පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.
යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිගැනීම සදහා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සංවිධානය කර තිබු විශේෂ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සරත් වීරසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටීම විශේෂත්වයක්.
එම අවස්ථාවේ සිදු වූ විශේෂ සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහකට ලක් වෙනවා.
එවැනි මොහොතක දී නෞකාවෙන් ගොඩ බසින චීන කපිතාන්වරයාට හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අතට අත දීමට සූදානම් වන්නේ, මුව ආවරණයක් හෝ නොමැතිවයි.
එම අතට අත දීම නොපිළිගත් කපිතාන්වරයා, සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසට සිය අත ඔසවා පොදුවේ ආචාර කිරීමට එම අවස්ථාවේ දී පියවර ගත්තා.
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12