hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 12:25



කතරගම පෙරහැර මංගල්‍යයේ සාම්ප්‍රදායික මොනර නැටුමක යෙදුණු පුංචි දියණියකගේ නර්තනය අද රටම කතා කරන මාතෘකාවක් වෙලා.

පෙරහැරේ නර්තනාංග අතර කතරගම මේ මොණර නැටුම දුටු දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා අංගයක්.

මෙදා පෙරහැරේ මොනර නැටුමෙ යෙදුණු නර්තන ශිල්පිනියන් අතර ඉන්න මේ දියණිය ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා.

අහිංසක මුවැත්තියක් නර්තනයකට සමවැදුනාක් මෙන් ඇය දෙවියන් කෙරේ හදපිරි බැතියෙන් සිදු කරන නර්තනයට අද සමාජ මාධ්‍ය තුළද ඇත්තේ ඉහළ ඇල්මක්.

එදා නර්තනයේ යෙදුණු සසදි උදයංගනි දියණිය ඉන්නෙ බණ්ඩාරගම මස්විල ගමේ.

පරම්පරා ගත නර්තන උරුමයෙන් නර්තනයට එක්වුණු පසිදිට කතන හැකියාව නොලැබීයාමත් හරිම දෛවෝපගත සිදුවීමක්.

මේ මව අරෝශිකා උදයංගනී කියූ කතාව,

“ඇත්තටම මගේ දුව ගැන මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඇය ශ්‍රවණ බාධිත දරුවෙක්. නමුත් අද ලොවක් දන්න මගේ දුව ගැන හිතුවම මට කියන්න වචන නැහැ. ගොඩක් සතුටුයි. ඇය මගේ වැඩිමහල් දියණිය. ඉගෙන ගන්නේ බණ්ඩාරගම බොල්ගොඩ සෙත් නදී ප්‍රාථමික විද්‍යාලයේ. ශ්‍රවාණාබාධයක් ඇයට තිබ්බත් එය අඩුපාඩුවක් ලෙස මම දකින්නෙත් නෑ. දුවට ශ්‍රල්‍යකර්මයක් කළා. එයින් දරුවට ටිකක් සුවයි. ලොකු පිරිවැයක් කර තමයි දුවට ඒක කළේ.. කතරගම මහා පෙරහරට සහභාගී වුණාම මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුවේ නෑ. සසඳි දුව සුව කරන්න පුළුවන් හැමදේම හොඳටම කරනවා. එයා කැමතිම නර්තනයට යි. මගේ එකම බලාපොරොත්තුව දුව නැටුමෙන් ඉදිරියට ගෙනිහින් රටට ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් කිරීමයි. මගේ දරුවට අත හිත දෙන්න කියලා ප්‍රවීණයන්ගෙන් ඉල්ලනවා.”

පියා සජිත් ඉන්දික කියූ කතාව,

“පෙරහරට සහභාගී වී ආවට පස්සෙ දුවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. නර්තන හැකියාව පමණක් නොවෙයි වාදන හැකියාවත් දුවට තියෙනවා. මගේ දුව ශ්‍රවණාබාධිත වුණාට මට එහෙම දෙයක් එයාගෙන් පේන්නෙ නැහැ. ඇත්තටම මගේ දරුවට කතා කරන්න බැහැ. එහෙත් මගේ දරුවා ගැන ලෝකෙම කතා කරනවා. පියෙක් වශයෙන් ඒ සතුට උපරිම ලබනවා.”

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ