hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 06, ප.ව. 2:06



පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවියට එම අනතුර සිදුවී තිබුණේ අද (06) උදෑසන 7.15ත් 7.30ත් අතර කාලයේදීයි.

“ඒ දැරිය නාමලේඛනය අරගෙන පන්තියට එනකොට බිම ලිස්සලා වැටිලා තියෙනවා. එතන අඩි එකහමාරක පමණ කොන්ක්‍රීට් ගලක් තිබිලා… ඒකේ නිකට වැදිලා. ඊට පස්සේ තමයි නැති වෙලා තියෙන්නේ. වයස අවුරුදු 13යි. 8 වසරේ ඉගෙන ගනිමින් සිටියේ. මීපාගම පාසලක මේ සිද්ධිය වුණේ. උදේ 7.15ත් 7.30ත් අතර අනතුර වෙලා තියෙන්නේ. රෝහලට ගෙනාවට පස්සේ දැරිය මියගිහින් තියෙනවා. දකුණු කුකුලේගම පදිංචි දැරියක්.” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: