hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 4:50



දඹුල්ල ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ගලේවෙවෙල මාර්ගයේ ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථය ඉතා අනාරක්ෂිත ලෙස දරුවන් ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසීන් මෙන්ම දෙමාපියෝ චෝදනා කරනවා.

මාස කීපයක සිටම මෙම බස් රථ හිමිකරුවන්ට සහ රියදුරන්ට කොන්දොස්තරවරුන්ට දෙමව්පියන් ප්‍රදේශ්වාසීන් මෙන්ම පොලීසිය ද අවවාද කර තිබෙන අතර කිසිදු   අවධානයක් යොමු නොකරන බව ජනතාව පෙන්වා දෙනවා.

දඹුල්ල ගලේවෙල මාර්ගයේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන සිසු සැරි බස් රථ සහා අනෙකුත් බස්ර රථ ගමන් කරන ආකාරය පිළිබඳව ඒෂියන් මිරර් අප ගවේෂණයක නිරත වුණා.

එහිදී දැක ගැනීමට හැකි වූයේ කිසිදු ඉඩ ඉඩ හසරක් නොමැතිව බස් රථ වල දරුවන් ප්‍රවාහනය කරන ආකාරයයි.

පෞද්ගලික බස්රථ හිමිකරුවන් කියා සිටියේ ලංගම සිසු සැරි බස්රථ නොමැති නිසා ඔවුන්ට මේ ආකාරයෙන් දරුවන් රැගෙන යාමට සිදුවන බවයි.

ලංගම බස්රථ මෙම මාර්ගයට ලබා දෙන්නේ නම් තමන් දරුවන් ප්‍රවාහනය නවතා දමන බව ද ඔවුන් පවසයි.

කෙසේවෙතත් බස් රථ රියදුරන් අසුනේ පවා දරුවන් රැගෙන යන ආකාරයක් රියදුරුට ඉදිරිපස නොපෙනෙන ආකාරයට පාසල් දරුවන්ගේ පොත් බෑග් පටවා තිබෙන ආකාරයත් දැඩි අනාරක්ෂිත ලෙස දරුවන් අරගෙන යන ආකාරයත් දඹුල්ල ගලෙවෙල ප්‍රධාන මාර්ගයේ අපට දැක ගැනීමට හැකි වුණා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස