hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 9:25



අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය සහ ඇමැති විජිත හේරත්ගේ ඡායාරුප සහිතව ඊයේ සමරු මුද්දර දෙකක් නිකුත් කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම මුද්දර දෙක නිකුත් කර ඇත්තේ 150 වැනි තැපැල් දිනය වෙනුවෙන් පැවති උත්සවයකට සමගාමීවය.

උත්සවය පැවැතියේ අරලියගහ මන්දිරයේදීය.

මෙහිදී අදාළ මුද්දර දෙක අගමැතිවරියට සහ ඇමතිවරයාට පිළිගැන්වීම සිදුවිය.

කෙසේවෙතත් මෙලෙස ජාතික ජන බලවේගයේ දේශපාලකයන්ගේ රුව සටහන් මුද්දර නුකුත් කිරීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන සහ හාස්‍යයට ලක්කිරීම් පලවන ආකාරය දැකගත හැකිවිය.

පහතින් දැක්වෙන්නේ එලෙස පළවූ සමාජ මාධ්‍ය පොස්ටු කිහිපයකි.