hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:06



කුෂේන්‍යා ……..ඒ නම මේ දවස්වල ආදරණීයම නමක්

කලාව උරුමයක් සේ දෙවුර දරා ගත් පවුලක පරම්පරා තුනක් නියෝජනය කළ නිළියන් තුන්දෙනෙක් එකම චිත්‍රපටයක රඟපානවා….ඒ චිත්‍රපටයේ ආච්චි ඇගේ ඇත්ත ජීවිතයේ ලොකු ආච්චි…ඒ ඇත්ත ජීවිතයේ ලොකු ආච්චි ලාංකික සිනමාවේ සදාදරණීය හුස්මක්…..ඇය වාසනාවන්ත වෙනවා දහස් ගණනක් නිළියන් අතරින් නිළි රැජන යන අභිෂේකය ලබන්නට….ඒ නිළි රැජන මාලිනී ෆොන්සේකා……ඒ පරපුරේ ඊළඟ උරුමය සමනලී ෆොන්සේකා….ඊටත් පසු උරුමය කුෂේන්‍යා ෆොන්සේකා…….

තමන්ගේ ලොකු ආච්චිත් තමන්ගේ නැන්දනියත් එක්ක මිනිසුන්ගේ හද ගැස්මට යා වෙච්ච චරිතයකට ප්‍රාණය දුන් ඒ නිළිය ගැන රටක් කතා කරද්දි අපි කතා නොකර කොහොමද ?

කල්පන ආරියවංශ සහ වින්දන ආර්යවංශ අධ්‍යක්ෂණය කළ “මලකි දුවේ නුඹ” සමඟින් රටක ආදරය දිනා ගත් ඒ ලස්සන මල කුෂේන්‍යා සිනමාවට එන්නේ “දැකලා පුරුදු කෙනෙක්” සහ “රූකඩ පැංචි” චිත්‍රපට දෙකෙන්…දැකලා පුරුදු කෙනෙක් රඟපාද් දී කුෂේන්‍යා ට අවුරුදු පහක් විතර ඇති …රූකඩ පැංචි රඟපාද්දී එයා ලොකු ළමයෙක්…මලකි දුවේ නුඹ රඟපාද්දි ඒ මල් කැකුල පිපුණු මලක්…

කුෂේන්‍යා කොහොමද රූකඩ පැංචි ප්‍රධාන චරිතයකට ඇරයුම් ලැබුණේ?

“මගේ සීය කෙනෙක් වෙච්ච ආනන්ද ෆොන්සේකා කියන්නේ photographer කෙනෙක් …මගේ සීයා ගත්ත මගේ ෆොටෝ වගයක් ශානි නැන්දා (සමනලී ෆොන්සේකා) fb දාලා. ඒක දැකලා තමයි වින්දන අංකල් සහ කල්පන අංකල් මට රූකඩ පැංචි චිත්‍රපටයේ රඟපාන්න කතා කළේ…මට හිතෙන්නෙ මම වාසනාවන්ත වුණා ජැක්සන් අංකල් (ජැක්සන් ඇන්තනී) එක්ක රඟපාන්න. ඒකේ පුංචි චරිතයකට මගේ ලොකු ආච්චිත් හිටියා.දැන් තමයි මට තේරෙන්නේ පුංචිම චරිතයකින් හරි ලොකු ආච්චිත් එක්ක රඟපෑව එක කොච්චර වාසනාවක්ද කියලා. එකම පවුලේ පරම්පරා තුනක නිළියන් මේ විදිහට චිත්‍රපටයකින් හමුවන පළවෙනි චිත්‍රපටය තමයි මලකි දුවේ නුඹ චිත්‍රපටය..”

කොහොමද කුෂේන්‍යා දැනෙන හැඟීම?

“ඒ පිටපතට මම ඇත්තටම ආසා වුණා..පිටපතක් තෝරගන්න මම ඇත්තටම උදව් ඉල්ලන්නේ අම්මගෙන් තාත්තගෙන් සහ ශානි නැන්දගෙන්..ලොකු ආච්චි එක්ක රඟපාලා මම රඟපෑම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අමාරුම වුණේ නැන්දත් එක්ක රඟපාන්න.නැන්දා රඟපෑවෙ මගේ අම්මට.නැන්දා එක්ක තිබුණෙම රණ්ඩු වෙන සිද්ධි..”

අභියෝගම වුණේ පාලම උඩ රණ්ඩු වෙන දර්ශනයලු, ආසමත් ඒකමලු.

“රිහසල් කරද්දිත් අසනීප වෙලා ලොකු ආච්චිට එන්න බැරි වුණා .මමයි නැන්දයි තමයි රිහසල් කරේ.ලොකු ආච්චි ආසාවෙන් හිටියේ චිත්‍රපටය බලන්න .ඒත් ලොකු ආච්චිට ඒක බලන්න බැරි වුණා. ඒ ගැන ලොකු කනගාටුවක් දුකක් හිතේ තියෙනවා.”

ආදරය ගැන කුෂේන්‍යා කියන්නේ “ආදරය ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. මම හොයන්නේ අවංක බව සහ ගෞරවය” රඟපාන්න ආසා සජිත ඇන්තනී එක්කලු, ආසම නළුවා ශාරුක් ඛාන්, නිළිය ආලියා බාත්, Role model සමනලී ෆොන්සේකා සහ අම්මාලු.

“වෘත්තිය නිළියක් වෙන්න ආසා නැහැ. තෝරාගත්ත හොඳ නිර්මාණ වලින් හමුවේවි. බලාපොරොත්තුව හොඳින් ඉගෙනගෙන අධ්‍යාපනය අතින් ඉදිරියට යන්න”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: