hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:03



අපේ ජීවිතවලට විවිධාකාරයේ මිනිසුන් හමුවෙනවා.

ඒ හමුවීම් සමහර වෙලාවට අපිට ජීව්තය කියා දෙනවා.

මේ එහෙව් මිනිසලුගේ කතාවක්.

ඔහු “ෆාදර් අරලිය”

“මේ ෆොටෝ එක අද ගොඩක් තැන්වල share වෙලා තිබුනා.ඒ නිසාම මේක ලියන්න හිතුවා.

Father අරලිය කියන්නේ වෙනස්ම චරිතයක්..!

මට මතක හැටියට අපි 7,8 පන්තිවල ඉද්දි තමයි ෆාදර් Araliya Osb මුලින්ම ඇන්තනිස් එකට ආවේ.

ඒ කාලේ Relief period එකකදි ෆාදර් අපේ පන්තියටත් ඇවිත් තමන් ගැන හඳුන්වලා දුන්නා.

ඒ වගේම අපි ගැනත් ඇහුවා.

ඒ කතාබහ හරිම මිත්‍රශීලි වගේම එදා ඉඳලම කොලේජ් එකේ ඕනම ප්‍රශ්නයකදි ෆාදර් හැම වෙලාවෙම ළමයින්ගේ පැත්තෙ හිටියා.

අපේ ඉස්කෝලේ බෞද්ධ ,ක්‍රිස්තියානි ,කතෝලික,ඉස්ලාම් සහ හින්දු කියන හැම ආගමකම යාලුවෝ ඉන්නවා.

හැම මාසෙකම පළමුවෙනි සිකුරාදා උදේ වරුව වෙන් වෙන්නේ ආගමික වැඩවලට.

11 වසරෙදි ඉස්කෝලේ බෞද්ධ සංගමයේ සංවිධායක වෙලා හිටියේ මම.

අපි එක සිකුරාදා දවසක ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවලා ධර්ම දේශනයක් පවත්වන්න සූදානම් කරා.

හැබැයි වියදම වැඩි නිසා අපිට පිරිකර ගන්න සල්ලි මදිවුනා.

ඒ වෙලාවේ උදව්වට ආවේ ෆාදර් අරලිය.

එදා බෞද්ධ දරුවන්ගේ සතුට වෙනුවෙන් ඒ පිංකමේ හැම වියදමක්ම ෆාදර් දැරුවේ තමන්ගේ පුද්ගලික වියදමින්.

ඉස්කෝලේ ගොඩක් සංගම්වල කටයුතුවලදි මොනාම හරි මදි පාඩුවක් වුනොත් අපිට උදව්වට එන්නේ ෆාදර් අරලිය.

ඒක මීඩියා යුනිට් එකද,කැතලික් එකද,බුඩිස්ට් එකද ,හින්දු එකද කියන එක ෆාදර්ට අදාළම නැහැ.

ෆාදර් ඉගෙන ගත්තේ ට්‍රිනිටි එකේ.

අපේ සහෝදර පාසලේ.

බිග් මැච් එකේදී අපි දෙගොල්ලන් අතර ප්‍රශ්න ඇති නොවෙන්න ලොකුම හේතුව වුනෙත් ෆාදර්.

කතෝලික සහ Semi Government පාසලක් වුන අපේ ඉස්කෝලේ අංක එක වෙලා තිබුනේ විනය.

ඉඳලා හිටලා කවුරු මොන නසරානි වැඩේ කරත් ,ෆාදර් අරලිය ඉස්සරහා අපි හැමෝම තමන්ගේ වැරද්ද පිළිගත්තා.

මොකද පාසලේ බහුතරයක් නමින්ම ෆාදර් හඳුනනවා.

ඒ නිසා තමන් ගැන ෆාදර් තියාගෙන ඉන්න විශ්වාසය නැති කරගන්න කවුරුත් කැමති වුනේ නැහැ.

අපි A/L කරන කාලේ prefects ලා වෙලා ටිකක් වයසින් වැඩි වෙනකොටත් එදා හිටියා වගේම අපිට එන හැම ප්‍රශ්නයකදිම ෆාදර් අපිත් එක්ක හිටියා.

ඉස්කෝලෙන් පිට තරඟයකට ගිහිල්ලා දිනුවත් පැරදුනත් අපි මුලින්ම කතා කරන්නේ ෆාදර්ට.

මොකද දිනන වෙලාවට වගේම ,වැටෙන තැන්වලදී අපිට වැටෙන්න නොදී ඉස්කෝලේ හැමෝගෙම හයියට ෆාදර් හිටියා.

ෆාදර් අරලිය ගැන ගොඩක් දෙනෙක් නොදන්න කතාවක් තියනවා..

ඒ තමයි බෞද්ධ දර්ශනය පිළිබඳව ෆාදර් අරලිය ශාස්ත්‍රිය මට්ටමින් ගැඹුරින් හදරලා තියෙනවා.

කිසිම ආගමකට වෙනසක් නොකර හැමෝටම සමානව සලකන්න අපි ෆාදර්ගෙන් ඉගෙන ගත්තෙත් ඒ නිසාම තමයි.

අපේ සමකාලිනයන් විශ්වාස කරපු දෙයක් තිබුනා.ඒ තමයි ෆාදර් අරලිය කවදාහරි කොලේජ් එකේ ප්‍රින්සිපල් වෙයි කියලා.

ඒක විශ්වාසයකටත් වැඩිය අපිට තිබුනු සුභවාදී බලාපොරොත්තුවක්.

1854 දි කොලේජ් එක පටන් ගත්ත දවසේ ඉඳලා විදුහල්පති වෙලා තිබුනෙම කතෝලික පියතුමන්ලා.

ඒක සම්ප්‍රාදයක් නිසා ඒ තනතුරට ෆාදර් අරලියට ඕනවටත් වැඩිය සුදුසුකම් තිබුනා.

හැබැයි ඊට කලින් අපේම සහෝදර පාසලට ඒ වාසනාව ලැබුනා.

ආරංචිය ලැබුනම ෆාදර්ට සුභ පතන්න කෝල් කරා.

“අපි කොහෙ ගියත් හරිම දේ හොඳම විදිහට තමයි කරන්න ඕනේ “

ෆාදර් එදා කියපු දේ අද ත්‍රිත්ව විදුහලේදී ඒ විදිහටම වෙනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: