hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2026 මැයි 27, ප.ව. 3:50



අධ්‍යාපන චාරිකාවක නිරත වෙමින් සිටියදී කිරින්ද මුහුදේ රළ පහරකට හසුව ගසාගෙන ගිය සිසුවියක බේරාගැනීමට තැත් කළ විදුහල් ගුරුවරයෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් දිවි බේරුණු සිසුවිය දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර, අළුපොත, පිළිමල ප්‍රදේශයේ පදිංචිව සිටි, බඩල්කුඹුර වයිකුඹුර දෙමළ විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කළ එන්. එම්. එම්. නුජූම් නැමැති 56 හැවිරිදි තිදරු පියෙකි. අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ කිහිපදෙනෙකු සිසු දැරියන් පිරිසක් ද සමඟ මෙම අධ්‍යාපන චාරිකාව සංවිධානය කර තිබුණි.

චාරිකා කණ්ඩායම සවස් කාලයේ කිරින්ද මුහුදු තීරය වෙත පැමිණ ඇත්තේ පස්වරු 4.30 ට පමණය. එහිදී සිසුන් පිරිසක් මුහුදේ දිය නාමින් සිටියදී එක් ශිෂ්‍යාවක හදිසියේම දියවැළකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර, එය දුටු මෙම ගුරුවරයා වහාම ක්‍රියාත්මක වී ඇය බේරාගැනීම සඳහා මුහුදට පැන ඇත. කෙසේ වෙතත්, රළු රළ පහර හමුවේ ගුරුවරයා සහ සිසුවිය යන දෙදෙනාම මුහුදු දියේ ගිලී තිබේ.