hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 07, පෙ.ව. 12:02



15 හැවිරිදි සිසුවෙකු පදිංචිව සිටින නිවෙසට ගොස් ඔහුට ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන කරන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළා.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ හොරණ පදිංචි 42 තිදරු මවකි. අතවරයට පත්බව කියන සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ ( පුංචි අම්මා සෙවනේ) හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් පස් වෙනි දින සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කිය කියයි.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇයනොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව සිසුවාගේ පුංචි අම්මා ඒ බව විදේශගතව සිටින සොයුරියට දැනුම් දීමෙන් අනතුරුව ඇය දින කිහිපයක් තුළදී තුළ දී මෙරටට පැමිණ මොරගහහේන පොලිසියට සහ හොරණ අධ්‍යාපන කාර්යාලය පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව චෝදනා ලත් ගුරුවරිය වහා ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසලක් වෙත මාරු කර යැවීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබිණි.

පැමිණිල්ල ලද වහාම අදාළ සිසුවා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකිරීමට පොලිසිය කර තිබිණි.

සැකකාර ගුරුවරිය විසින් සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ද ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

චෝදනා ලත් පාසල් ගුරුවරියට අද දින මොරගහහේන පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: