2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 4:06
රුසියාවේ 18 වන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදන කර ඇති “නිව්ස් පේපර්” චිත්‍රපටයට සම්මාන හිමි වී තිබෙන අතර එය රැගෙන අද (15) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මෙම සම්මාන උළෙලේදී කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල හොදම නළුවාට හිමි සම සම්මානය දිනා ගනු ලැබුවා.
ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරුන් ලෙස සහ තිර රචනයෙන් ද දායක වී තිබුණා.
අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම සම්මානය ද රැගෙන අද (15) උදෑසන 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මොවුන් පිළිගැනීම සදහා කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන එච්.ඩී.ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.





කටුනායක – ටී.කේ.ජී.කපිල
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11