hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 09, පෙ.ව. 5:37



විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාරවල මුදල් තැන්පතු කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ – ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුළී පදනම මත ලබාගෙන සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යාමටයි සැකකාරිය කටයුතු කර තිබුනේ.

ඒ සදහා ඇය මාසිකව ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 16 ක්.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයින් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුනේ ඉහළ පොලියක් ලබා ගැනීමේ අරමුනින්.

කොහොම වුණත් ඇය ගැන මේ විදියට කතාවක් නිර්මාණය වෙද්දී ඇය ගැන හොයා බලන පිරිස වැඩි වෙන්න පටන් අරන්.

ඒත් එක්කම තිකෝ (Thico) ෆිල්ම්ස් තෙවැනි සිනමා නිර්මාණය ලෙස නිර්මාණය වන පුබුදු චතුරංග අධ්‍යක්‍ෂණය කරන ‘‘මායා – 2’’ චිත්‍රපටයේ මුහුරත් උළෙල ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒ සඳහා ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයින් අතර ප්‍රකටව සිටින ‘‘ප්‍රේම දඩයමේ’’ ශිවන්‍යා සහභාගී වීම ගැන කතා වෙනවා.

කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවැති එම උත්කර්ෂවත් උළලේ දී ශිවන්‍යා නොහොත් සුරූපී ‘මෝනි රෝයි’ චන්දන වික්‍රමසිංහ රංගායතනයේ නර්තන ශිල්පීන් සමග ඉදිරිපත් කළ නර්තනය කාගෙත් කතා බහට ලක් වූ අවස්ථාවක් වුණා.

සුරූපී මෝනි රෝයි ඇයගේ අපූරු නර්තන හැකියාවෙන් ප්‍රේක්‍ෂකාගාරය වශීකෘත කරගත්තා.

සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන මායා ජාල නිෂ්පාදනය කරන්නේ තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඉසුරු බණ්ඩාර සහ ප්‍රියමාලි විසින්.

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: