hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 07, ප.ව. 2:06



විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

තිළිණි ප්‍රියමාලි නමැති සැකකාර කාන්තාවක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

ඇය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

එමෙන්ම ඇය සම්බන්ධයෙන් හෙළිදරව් රැසක් ද මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

ඇය තිකෝ සමූහ ව්‍යාපාර ජාලයේ සභාපතිනිය ලෙසද කටයුතු කරනවා.

හිටපු දේශපාලඥයෙකු මෙන්ම ප්‍රවීන රංගධරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ජිවන් කුමාරතුංග මහතාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන “ජිවා” චිත්‍රපටයේ සමාරම්භ අවස්ථාවටද තිළිණි ප්‍රියමාලි පැමිණ තිබෙනවා.

ජීවා සිනමා කෘතිය තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු ශම්මික බණ්ඩාරගේ නිෂ්පාදනයක්.

එම ඡායාරූප පහතින්,

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: