hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 ඔක්‍තෝබර් 08, පෙ.ව. 7:35



කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි ලාභාංශ දෙන බව කියමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවකගෙන් එම මුදල් ඉල්ලූ විට ඔවුන් සමග ලිංගික කාරනා කතා කර ප්‍රසිද්ධ කිරීමට නිළියක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ප්‍රසිද්ධ නිළියක යොදාගෙන මෙම ප්‍රකෝටිපතියන් සමග කතා කරන ලිංගික කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට මුදල් ඉල්ලා එන අය බියවද්දවා ඇතැයි හෙළි වී තිබෙනවා.

මෙම ප්‍රසිද්ධ නිළියට එම ලිංගික සංවාද හඬපට රහසේ පටිගත කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සැකකාරිය විසින් ගෙවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම ව්‍යාපාරය හිමි කතට එරෙහිව පැමිණිලි කිරීමට වංචාවට ලක් වූ ප්‍රකෝටිපතියන් බිය වී ඇතැයි ද හෙළි වී ඇත.

මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය ස්ථාන 04ක පදිංචි වී සිටියද ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බවද පොලිසිය සඳහන් කරනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී අදාළ සමාගම විසින් පුබුදු චතුරංග අධ්‍යක්ෂණය කරන “මායා 2” චිත්‍රපටයේ මුහුරත් උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ ශැන්ග්‍රිලා හෝටලය දී පවත්වා තිබෙනවා.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තියව සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වන අතර එම මුහුරත් උළෙලේ නර්තන අංග දෙකක් සඳහා රුපියල් කෝටි 2 ක මුදලක් ගෙවමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ප්‍රකට “ප්‍රේම දඩයමේ” ශිවන්‍යාගේ චරිතය නිරූපනය කරනු ලබන “මෝනි රෝයි” ද ගෙන්වා තිබෙනවා.

මේ අතර හිටපු දේශපාලඥයෙකු මෙන්ම ප්‍රවීන රංගධරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ජිවන් කුමාරතුංග මහතාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන “ජිවා” චිත්‍රපටයේ සමාරම්භ අවස්ථාවටද තිළිණි ප්‍රියමාලි පැමිණ තිබෙනවා.

ජීවා සිනමා කෘතිය තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු ශම්මික බණ්ඩාරගේ නිෂ්පාදනයක්.

තිළිණි ප්‍රියමාලි  බොහෝ නළු නිලියන් සමඟ ළඟින්ම ඇසුරු කර තිබෙන බව මෙයින් සනාථ වෙනවා.

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: