hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 08, ප.ව. 7:23



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිර යන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙන් එම වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගිය වසරේ මාර්තු මාසයේ දී නිකුත් වී ඇති අතර, නමුත් එය රාජපක්ෂ මහත්මිය චිත්‍රපට නිෂ්පාදනයක් සහ සංගීත සංදර්ශනයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වී සිටි අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ කලාකරුවන් ද සහභාගී වූ මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් රාජපක්ෂ මහත්මිය වෙත ආරාධනාවක් කර තිබුණා.

තිළිණි ප්‍රියමාලි සමඟ රාජපක්ෂ මහත්මිය හෝ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ කිසිවකු අතර සම්බන්ධයක් තිබූ බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර යටි අරමුණින් අදාළ පින්තූරය ප්‍රචාරය කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: