hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 11:43



විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාරවල මුදල් තැන්පතු කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව ඊයේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තිළිණි ප්‍රියමාලි නම් මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ මුදල් වංචා පිළිබඳව එල්ල වු චෝදනා සම්බන්ධයෙන්.

කොළඹ – ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුළී පදනම මත ලබාගෙන සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යාමටයි සැකකාරිය කටයුතු කර තිබුනේ.

ඒ සදහා ඇය මාසිකව ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 16 ක්.

විදේශ ව්‍යාපාරවල මුදල් තැන්පතුල මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි ව්‍යාපාර සඳහා ඉහළ ලාභදායී පොලී මුදලක් ලබාදෙන බව පවසා ඇය කෝටි ගණනින් මුදල් එක් රැස්කර ඇති බවයි වාර්තා වන්නේ.

කෝටිපති ව්‍යාපාරිකයන්ල ප්‍රබල දේශපාලනඥයින්ල ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුනේ ඉහළ පොලියක් ලබාගැනීමේ අරමුනින්.

එහෙත් පොරොන්දු වු පරිදි අදාල මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් 10 දෙනෙකු පමණ මේ පිළිබඳව පැමිණිලි යොමුකර තිබෙනවා.

අදාල කාන්තාවගේ වංචාවට සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකු ද හසු වී සිටින බවත් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු ද ඇයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කර තිබුනා.

ව්‍යාපාරිකයන්ගෙන් අදාල කාන්තාව රුපියල් මිලියන 226 කට අධික මුදලක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් හා රන් භාණ්ඩ වංචා කර ඇති බවට පැමිණිලි ලැබී තිබෙන්නේ.

අදාල සැකකාරිය ගිනි අවිද සහිතව පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් ආරක්ෂකයන් ලබාගෙන ඇති අතර ඇය ගමන් බිමන් ගොස් ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව යටතේයි.

මෙරට සුප්‍රසිද්ධ කෝටිපතියන් රැසක් මෙම කාන්තාව ඇසුරු කර ඇති අතර ඔවුන් සමග කල් ගතකරන වීඩියෝ දර්ශණ ද ඇය සතුව තිබී සොයාගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

අදාල දර්ශන හරහා එම කෝටිපති පුද්ගලයන් ගෙන් අයුතු ලෙස මුදල් ලබාගත්තාදැයි සොයාබැලීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අදාල සැකකාර කාන්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ සැකකාරියට එරෙහිව මේ වන විට නඩු 8ක් පමණ පවතින බවයි.

යළි මුදල් ඉල්ලා සිටි තැන්පත්කරුවන්ට ඇය අගරු චෙක්පත් ලබාදී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

රුපියල් කෝටි ගණනින් ව්‍යාපාරිකයින්ගෙන් ලබාගෙන ඇතත් සැකකාරියගේ ගිණුම්වල තිබී ඇත්තේ රුපියල් 35000ක්, 65000ක් වැනි මුදල් අගයන් බවද හෙළි වී තිබෙනවා.

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාරිය මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි නියෝග කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: