2026 අගෝස්‍තු 03, ප.ව. 4:20
වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ පැතිකුදය (ස්කොලියෝසිස්) නිසා පීඩාවට පත්ව සිටි 23 හැවිරිදි නිම්සර ශාවින්ද නම් ශ්‍රී ලංකික තරුණ සිනමාකරුවෙක්, ඉන්දියාවේ කොලිකොඩේ ප්‍රදේශයේ පිහිටි Baby Memorial Hospitalහි සිදුකළ සංකීර්ණ, එහෙත් සාර්ථක සැත්කමකින් පසු සම්පූර්ණ සුවය ලබා යළි දිවයිනට පැමිණ තිබේ.
පැතිකුදය තත්ත්වයෙන් පෙළෙන බව ඔහු කුඩා කාලයේදීම වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණි. එහෙත් කොඳු ඇට පෙළේ සැත්කම් පිළිබඳව පැවති අධික බිය නිසා, විශේෂයෙන්ම සැත්කමකින් පසුව අංශභාගයට ගොදුරු වේයැයි පැවති සැකය නිසා ඔහුගේ පවුලේ අය විවිධ වෛද්‍ය උපදෙස් පතමින් වසර ගණනාවක් පුරා ඒ සඳහා සැත්කමක් සිදුකිරීම කල් දැමූහ.
කෙසේ වෙතත්, Baby Memorial Hospital, නාවල සිංහ සමාජය සහ karetrip.com ආයතනය එක්ව ශ්‍රී ලංකාවේදී පැවැත්වූ කොඳු ඇට පෙළේ ආබාධ පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් හා වැඩසටහනකට සහභාගී වීම මෙම පවුල තුල සැත්කම් පිළිබඳ පැවති බිය හා සැකය පහව යාවම පිළිබඳ හැරවුම් ලක්ෂයක් විය. එම සැත්කම් සාර්ථකව කරගත් අනෙකුත් දරුවන් මුණගැසීමෙන් පසු, ඔවුන් තුළ පැවති බිය සම්පූර්ණයෙන්ම දුරු වූ බව නිම්සර ඇතුළු පවුලේ සාමාජිකයන් පවසා සිටියි.
Baby Memorial Hospital හි ළමා අස්ථි රෝග සහ කොඳු ඇට පෙළේ ආබාධ පිළිබඳ ප්‍රධාන සහ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ඊෂ්වර් ටී. රමනි ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් තරුණයාගේ ස්නායු ක්‍රියාකාරීත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් (Neuromonitoring) මෙම සංකීර්ණ සැත්කම ඉන්දියාවේදී සිදු කරන ලදී.
“බේබි මෙමෝරියල් රෝහලේ වෛද්‍යවරුන් සියල්ල ඉතා ඉවසීමෙන් සහ කරුණාවෙන් පැහැදිලි කර දුන්නා. ඒකෙන් අපිට ප්‍රතිකාරයට මුහුණ දෙන්න ලොකු විශ්වාසයක් ලැබුණා,” යැයි පවසන තරුණ අධ්‍යක්ෂවරයා, සැත්කමෙන් දින කිහිපයක් ඇතුළත ඇවිදීමට පටන් ගෙන ඇත. දැන් අඟල් හතරකට වඩා උසින් වැඩි වී, කිසිදු වේදනාවක් නොමැතිව යළි මව්බිමට පැමිණ ඇති ඔහු සිය සිනමාකරණ කටයුතුවවල නිරත වන්නේ දැඩි ආත්ම විශ්වාසයෙනි.
නාවල සිංහ සමාජයේ මූල්‍ය හා අනෙකුත් සහයෝගයද මෙම ගමනට ලැබුණු අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාවල සිංහ සමාජයේ වෛද්‍ය නිල්මිණි විතාන මෙසේ පැවසුවාය,
“මේ පාගමනින් අපට පැහැදිලි වුණේ පැතිකුදය නිසා ශ්‍රී ලංකාවේ කොතරම් පවුල් ප්‍රමාණයක් නිහඬව වේදනා විඳිනවා ද කියන එකයි. වෛද්‍යවරුන් මෙන්ම දැනටමත් සැත්කම්වලට භාජනය වී සතුටින් දුව පැන ඇවිදින දරුවන් මුණගැස්වීමෙන් සැත්කම් පිළිබඳ ඔවුන්ගේ පැවති බිය සම්පූර්ණයෙන්ම දුරු වුණා.”
“අපි මේ වැඩසටහන ශ්‍රී ලංකාවට ගෙන ගියේ, ළමා කාලයේදීම කොඳු ඇට පෙළේ වක්වීම් ලක්ෂණ පෙනුණත්, නිවැරදි තොරතුරු නැතිව බිය නිසාම ප්‍රතිකාර පමා කරන අවස්ථා අපට නිතරම අසන්නට ලැබුණු නිසයි,” යැයි ‘බේබි මෙමෝරියල්’ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ආනන්ත් මෝහන් සඳහන් කළේය.
වෛද්‍යවරුන් දෙමව්පියන්ට උපදෙස් දෙන්නේ දරුවෙකු ඉදිරියට නැමෙන විට කර තැටි අසමාන වීම (shoulder asymmetry / shoulder blade prominence) හෝ ඉළ ඇට ප්‍රදේශය නෙරා ඒම (rib hump) වැනි ලක්ෂණ පෙනේ නම්, එය සැත්කමකින් නිවැරදි කිරීම දක්වා දුරදිග යාමට පෙර වහාම අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරයකු (Orthopaedic Specialist) හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසයි.
නිම්සර ශාවින්ද්‍ය නම් ශ්‍රී ලංකික තරුණ සිනමාකරු මෙසේ අදහස් දක්වා සිටියා.
“මගේ නම නිම්සර ශාවින්ද. මට වයස 23යි. මට මේ ස්කොලියෝසිස් කියන තත්ත්වය තියෙනවා කියලා මම මුලින් අඳුරගත්තේ මට වයස අවුරුදු 18දී. ඒ කාලේ මගේ මේ එක හම්බ එකක් ලොකුවට ඇවිල්ලා තිබ්බා මේ කකුල දිගටම වේදනාවක් ආවා ඔහොම ඔහොම තිබ්බා. ඊට පස්සේ මම ගොඩක් සිංහල බෙහෙත් පැත්තට තමයි බැලුවේ. මම එතකොට අවුරුදු හතක් විතර තිස්සේ මේ ස්කොලියෝසිස් කියන තත්ත්වය නිසා ගොඩක් දුක් වින්දා. අන්තිමට එන්න එන්න මට මේ හුස්ම ගන්න එක අමාරු වුණා. ඒකට හේතුව තමයි මගේ අංශක 63ක සහ 69ක ඇදවීම් දෙකක් තිබ්බා. එතකොට අර එක පෙනහැල්ලක් තදවීමත් නිසා මට හුස්ම ගන්න අමාරුව තිබ්බා. මම ඊට පස්සේ මේක ගැන මේක හැමදාම මම මෙහෙම තියාගෙන ඉන්න ඕනෙද කියන එකත් එක්ක මම මේ සෑහෙන්න හෙව්වා. කොහොමද මේකට මොනවද කරන්න පුළුවන් ට්‍රීටමන්ට් එහෙම කියලා. ඊට පස්සේ මම ලංකාවේ ගවමන්ට් හොස්පිටල් එකට අපේ කොළඹ මහඉස්පිරිතාලේ ක්ලිනික් එකට ගියා. මට ඉස්සරහින් රෝගීන් 250ක් විතර ඉන්නවා. එතකොට මේ සර්ජරිය කරන්න මට තව අවුරුදු ලොකු කාලයක් යි කියලා කිව්වා. එතකොට ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා තියෙයි කියන මට බය නිසා මම ඉතින් එච්චර කාලයක් ඉන්නත් බෑනේ ඒ නිසා මම ඉතින් වැඩේ අතඇරලා දාලා වගේ තමයි හිටියේ. ඊට පස්සේ මම අහම්බෙන් මෙනාෂා අක්කා දාලා තිබ්බා රීල් එකක් මේ එයාගේ පරණ එක්ස්රේ එක්ක එයා සර්ජරි එක කරලා ඊට පස්සේ එයා කොහොමද දැන් සාර්ථක වෙලා ඉන්නේ කියන එක. ඊට පස්සේ මම මෙනාෂා අක්කට මැසේජ් එකක් දාලා ඇහුවා මෙහෙමයි මටත් ඔහොම තියෙනවා කොහොමද එහෙම කරගන්නේ කියලා. ඊට පස්සේ තමයි මට අපේ මේ ආදරණීය නිල්මිණි ඩොක්ටර් හඳුන්වලා දුන්නේ.
ඊට පස්සේ ගිය අවුරුද්දේ නොවැම්බර්වල මම ඒකට මුලින්ම ආවා. මම තනියෙන් තමයි ආවේ ඒ කියන්නේ මේ අපේ අම්මයි තාත්තත් එහෙම ලොකුවට දැනුවත් නැහැ. ඒ කියන්නේ මම මේක ගැන සෑහෙන්න හෙව්වා. මොකද මේක මම මාර විදිහට පීඩා වින්දා මානසිකවත් ගොඩක් පීඩා වින්දා. මේ ඊට පස්සේ මම කොහොමහම හරි ඕගත තෝන් එකට ඇවිල්ලා ඊට පස්සේ ඊශ්වර ඩොක්ටර්ව මුලින්ම හම්බ වුණා. හම්බවෙලා ඒ එක්ස්රේ අරගෙන ඒ දේවල් කරලා තමයි වැඩේ මම ප්ලෑන් කරගත්තේ. අපි හරියටම මාර්තු පළවෙනිදා තමයි ලංකාවෙන් ගියේ. ගිහිල්ලා මාර්තු නමය වෙනකන් ඒ දවස් 10ක් ඇතුලත මගේ සියලුම ඉතුරු පරීක්ෂණ කටයුතු වූ ඒ සියල්ලම කරා. ඊට පස්සේ මාතු 10 තමයි සර්ජරී කරේ. මාර්තු 10 තමයි සර්ජරි කරලා මම දවස් අටක් හොස්පිටල් හිටියා. ඊට පස්සේ අපි නැවතිලා හිටපු තැන හිටියේ. මේ හරියටම සර්ජරි එකෙන් දවස් 14කට පස්සේ ඒ මැහුම් කපලා ඔක්කොම කරලා තව දවස් දෙකක් එහි ඉඳලා අපි හරියටම මාර්තු 26 ආයේ එනවා ගෙදර. ඊට පස්සේ ඔහොම මාසයක් මාස එක හමාරක් වගේ ඔහොම ඉඳලා මම ආයේ කැම්පසුත් යනවා. සර්ජරියෙන් මාස දෙකකට පස්සේ මම කැම්පස් ගියා. ඒ වැඩ ටිකත් හැමදේම හොඳට කරගත්තා. මම මුලින් හිතුවේ මේ මට මාසයක් විතර බෙඩ් රෙස්ට් කරන්න වෙයි එහෙම කියලා මම ලොකු බයකින් හිටියේ. ඒ වුනාට සර්ජරි එකම අති සාර්ථකයි ඉතින් මේ දැන් මම සර්ජරි එක කරලා දැන් මාස හතරක් ඉවරයි. ඇත්තටම හිටියට වඩා දහස් ගුණයක් හොඳෙන් ඉන්නවා. මට මාර සතුටුයි මේ නිල්මිණි ඩොක්ටර්ව සහ අපේ ඊශ්‍වර් ඩොක්ටර් මේ ඇතුළු මේ ප්‍රොසෙස් එක හඳුනාගන්න ලැබිච්ච එක සම්බන්ධයෙන් සහ මේ මගේ මුලින්ම අම්මට අතර ස්තූති කරන්න ඕනේ මේ දේට ඒ දෙන්නා කැමැත්ත දීලා මේක කොහොමහරි කරමු කියලා ඒ දේට යොමු වෙච්ච එක සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම මම ඕන කෙනෙක්ට කියනවා BMH හොස්පිටල් එකෙන් දෙන සේවා සහ ඒ දේවල් ගැන කතා කරද්දී ඇත්තටම මාර ෆ්‍රෙන්ඩ්ලි එයාලා. දැන් ඒ කියන්නේ BMH හොස්පිටල් එකේ ඉන්ටර්නැෂනල් පේශන් යුනිට් එකක් තියෙනවා වෙනමම. එතකොට අපිට ඒක කරන්න කිසිම දෙයක් නැහැ අපි ගියාම ඒගොල්ලෝ සියලුම රිපෝට් එක මේ මේ අපේ නම පුරවන එකේ සිට ඒගොල්ලෝ සියල්ලම කරනවා. ඉතින් මේ මාරම සර්විස් එකක් දෙන්නේ. ඉතින් හැමදාම උදේ ඇවිල්ලා අහනවා කොහොමද? කින්ද මන්ද කියලා. ඒ කියන්නේ හැමදේම බලනවා. මට ඇත්තටම ගොඩාක් සතුටුයි මේ මම වාසනාවන්ත වෙච්ච එක්ක ගැන අවුරුදු හතක් දුක් වින්ද ඒ ලෙඩෙන් කොහොමහරි දැන් අද වෙද්දී පූර්ණ සුවතාවයට පත්වෙන්න පුළුවන් වෙච්ච එක්ක ගැන. මම ඉතින් පින් දෙනවා අපේ නිල්මිණි ඩොක්ටර්ටයි අපේ ඊශ්වර ඩොක්ටර්ටයි. ඉතින් මම ඉස්සර දෙවියෝ විශ්වාස කළේ නැහැ. ඉතින් මම සර්ජරි එකෙන් පස්සේ ඩොක්ටර්ට කිව්වේ මේ doctor you are my god කියලා. ඉතින් බොහොම ස්තූතියි මේ අවස්ථාව ලබා දුන්නට.”
2026 අගෝස්‍තු 03, පෙ.ව. 10:10
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 02, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:10
2026 ජූලි 31, පෙ.ව. 12:18
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26