hit counter

2026 අගෝස්‍තු මස 03 වන සඳුදා

2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:19



 අවන්හල් ජාලයක් වන ‘මිස්ටර් කොත්තු’ (Mr Kottu) ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව එහි හිමිකරු විරාජ් වික්‍රමනායක මහතා නිවේදනය කරයි.

වසර 19ක කාලයක් පුරා මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයක් දිනා සිටි මෙම අවන්හල් ජාලය තවත් දින 14කින් සම්පූර්ණයෙන්ම නවතා දමන බව ඔහු පවසයි.

මේ වන විට නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, මාලඹේ සහ පිළියන්දල යන ශාඛා පහ පමණක් විවෘතව පවතින අතර, අවසන් වරට ‘මිස්ටර් කොත්තු’ රස විඳීමට කැමති පාරිභෝගිකයන්ට එම ස්ථාන වෙත පැමිණිය හැකි බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව, කිරිිබත්ගොඩ, කඩුවෙල සහ ගොඩගම යන ශාඛාවල පවතින උපකරණ සහ එම ස්ථාන නව ව්‍යාපාරිකයන් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද වික්‍රමනායක මහතා පැවසීය.

නව අවන්හල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පිරිස් වෙත එම ස්ථාන ලබා ගැනීමට අවස්ථාව පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය සහාය තමන් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මෙම වසා දැමීමත් සමඟ තවත් දින 14කින් පසුව ඉන්දියානු ආහාර ඇතුළත් නව ව්‍යාපාරික මුහුණුවරකින් යළිත් පාරිභෝගිකයන් හමුවට පැමිණෙන බවට ද ඔහු ඉඟි කර තිබේ.

වසර ගණනාවක් පුරා තමන් සමඟ රැඳී සිටි පාරිභෝගිකයන්ට සහ සහාය දැක්වූ සැමට ඔහු සිය ස්තූතිය ද පුද කර සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: