2026 අගෝස්‍තු 02, පෙ.ව. 12:13
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා ගෙන යාම සිය ප්‍රධාන ඉලක්කයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරන වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නිලධාරීන් සමඟ පැවති හමුවකදීය.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ නිපුණතා පදනම් වූ රැකියා අවස්ථා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් සමාලෝචනය කිරීම සහ ඉදිරි උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
වාණිජමය වශයෙන් වැදගත් වෙළෙඳපොළ 23ක පිහිටි ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා පුළුල් ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉතා වැදගත් බවයි.
වෙළෙඳපොළ සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම හරහා මැනිය හැකි ප්‍රතිඵල අත්කර ගැනීමේ වැදගත්කමද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම ඇතුළු ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සිය කටයුතු ඒකාබද්ධව ඉදිරියට ගෙන යන ලෙසද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2026 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26