2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:40
ලෝකයේ ආර්ථික වර්ධන වේගය වැඩිම රටවල් 4 අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සිදුකළ ප්‍රකාශය යම් අතපසුවීමක් විය හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
දෙරණ 360 දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඇමරිකාව, චීනය සහ කැනඩාවට පසු ආර්ථික වර්ධන වේගය වැඩියෙන්ම අත්පත් කරගන්නා සිව් වන රට ශ්‍රී ලංකාව බවට මංජුල සුරවීර ආරච්චි කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බොරු කීමට අවසර ලබාදී ඇති නිසා දැයි කළිඳු කරුණාරත්න අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් මෙහිදී ප්‍රශ්න කරනු ලැබීය.
එයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා කියා සිටියේ තමන් එම ප්‍රකාශය දුටුවේ ප්‍රථම වතාවට බවත් එය වැරදීමකින් සිදුකළ ප්‍රකාශයක් විය හැකි බවයි.
සිය මැති ඇමතිවරුන් බොරු නොකියන බවත් එම අත්වැරැද්ද මේ වන විට සිය මන්ත්‍රීවරයා නිවැරදි කරගෙන ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඇමති නලින්ද ජයතිස්ස වැඩි දුරටත් කියා සිටියේය.
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:58
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:50
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:20
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:17