2026 අගෝස්‍තු 02, පෙ.ව. 12:27
ජීවිතේ කියන්නේ හරියට මහ පුදුමාකාර දෙයකට. වෙලාවකට හිතාගන්නවත් බැරි විදිහට අපිව අඩියටම වට්ටන ජීවිතේ, තවත් වෙලාවක හිත හයිය මිනිස්සුන්ට ආයෙමත් නැගිටින්න පාරවල් හදලා දෙනවා.
අන්න ඒ වගේ හැමෝගේම හදවත්වලට ලොකු ගැම්මක් එකතු කරපු කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.
පසුගිය අවුරුද්දේ හමලා ආපු ‘දිට්වා’ සුළි කුණාටුව නිසා හුඟක් දෙනෙක්ගේ ජීවිත උඩුයටිකුරු වුණා. අතේ සතේ ඉතිරි කරගෙන, ලොකු අනාගත බලාපොරොත්තු ඇතිව හදපු පුංචි ගෙදර, ඇස් පනාපිටම සුන්බුන් ගොඩක් බවට පත්වෙද්දී නිමේෂ් කියන ඒ තරුණයාට වුණු වේදනාව වචනවලින් කියන්න බැරි තරම්.
එදා තමන් ආදරෙන් හදපු ලස්සන ගෙදර විනාශ වෙලා, සුන්බුන් ගොඩක් බවට පත්වුණු ඒ ගේ ඉස්සරහා ඉඳන් නිමේෂ් ෆේස්බුක් එකට සෙල්ෆි එකක් එක්ක සටහනක් දාලා තිබුණා. එදා ඒ පින්තූරේ දැකපු හැමෝගේම ඇස්වලට කඳුළු ආවේ ඒ කොල්ලගේ මූණෙන් සහ ඇස්වලින් පෙනුණු අසරණකමයි වේදනාවයි නිසා. එදා හුඟක් අය කමෙන්ට් කරලා තිබුණේ “ජීවිතේ හරි බේරුණු එක ලොකු දෙයක් මල්ලි, ආයෙමත් නැගිටිමු” කියලා විතරයි.
හැබැයි නිමේෂ් එතැනින් වැටුණේ නැහැ…
තමන්ගේ උත්සාහය, කැපවීම සහ හිතේ තිබුණු නොපසුබස්නා උත්සාහය නිසාම අද වෙද්දී නිමේෂ් ආයෙමත් තමන්ගේ ගෙදර ලස්සනට හදලා ඉවර කරලා…එදා සුන්බුන් ගොඩක් වෙලා තිබුණු ඒ බිමේම, අද ආයෙමත් හිනාවෙලා නැගිටලා ඉන්න නිමේෂ්ව දැක්කම ඕනෑම කෙනෙක්ගේ හදවත සතුටින් පිරී යනවා..
වැටෙන එක සාමාන්‍ය දෙයක් වුණාට, වැටුණු තැනින් පස්ස බලන්නේ නැතුව ආයෙමත් අහස උසට නැගිටින්න පුළුවන් කියන්න නිමේෂ් මුළු රටටම දුන්නේ ලොකු ආදර්ශයක්.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:10
2026 ජූලි 31, පෙ.ව. 12:18
2026 ජූලි 30, පෙ.ව. 12:33
2026 ජූලි 29, පෙ.ව. 12:10
2026 ජූලි 28, පෙ.ව. 9:47
02-08-26
02-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26