hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ජනවාරි 27, පෙ.ව. 11:58



විවාහ වී මධුසමය ගතකර පැමිණ තම මනාල සැමියාගේ කන සපා කෑ මනමාලියක පිළිබඳ පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මිතුරෙකු සමඟ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්වීමෙනුයි ඇය මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ.

දෙවන ගමන නිමාකර මනාලයාගේ නිවසට පැමිණි මෙම නව යුවළ නිවැසියන් විසින් උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර, පසු ව මිතුරෙකු සමඟ බීර පානය කර තිබෙනවා.

එයින් කෝපයට පත් මනාලිය ඔහුගේ කන සපා කා පහරදී මංගල මුදුවද මනාලයාට ගලවා දී නැන්දම්මාට සහ මාමන්ඩියටද බැන වැදී ඇයගේ නිවසට ගොස් තිබුණා.

මෙම යුවල වසර 07ක් පෙම්වතුන් ලෙස ගත කිරීමෙන් අනතුරුව යි විවාහ වී ඇත්තේ.