hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 1:19


දුම්රියක් අනතුරට ලක්වෙයි

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පෙරවරු 9.30 ට මීගමුව බලා පිටත් වූ දුම්රිය කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ අනතුරකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් කුරණ සහ මීගමුව අතර දුම්රිය ප්‍රමාදයක් වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.