hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 මැයි 23, පෙ.ව. 11:55


මර්වින් සිල්වා අධිකරණයට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ආකාරයෙන් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

එම පැමිණිල්ල අද (23) කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියා.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැඳවීමට වීමට නියම කළ අධිකරණය එදිනම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියෝග කළා.