hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 21, ප.ව. 7:14


රට යන්න අවසර දෙන්න අර්ජුන් ඇලෝසියස් අධිකරණයෙන් ඉල්ලයි

සිංගප්පුරුවේ පදිංචි සිය දියණියගේ අවශ්‍යතාවයකට සහභාගී වීමට අවශ්‍ය බැවින් තමාට දින හතකට විදේශ ගත වීමට අවසර ලබා ලෙසට අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

විදේශගත වීමෙන් අනතුරුව ඔහු නතර වී සිටින ස්ථානය ලෙස අධිකරණයට දක්වා ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිවසයි.

එම නිසා ඔහු විදේශ ගත වුව හොත් අධිකරණය මගහැර යාමේ වැඩි ඉඩක් පවතින බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ විත්තිකරුට මෙරට කෝටි ගණනක වත්කම් හා දේපොළ පවතින බැවින් අධිකරණය මගහැර යාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත් කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.