2023 පෙබරවාරි 08, ප.ව. 7:04
ගාල්ල රිචර්ඩ් පතිරණ අනුස්මරණ පුස්තකාලය ඉදිරිපිට දී සංචාරකයින් යුවලක් රැගත් ත්‍රීරෝද රථ රියදුරෙකුට තර්ජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 21වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සංසරණය වූ අදාළ වීඩියෝවට සම්බන්ධ සිදුවීම හටගෙන ඇත්තේ ජනවාරි මස 03 වැනි දිනයි.
මෙම සිදුවීමට මුහුණ දුන් විදේශීය විසින් අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ගාල්ල පොලිස් ස්ථානයේ රථවාහාන අංශයේ නිලධාරීන් අදාළ ත්‍රීරෝද රථ රියදුරාට තර්ජනය කළ පුද්ගලයින් දෙදෙනා අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
29 හැවිරිදි ගාල්ල වක්වැල්ල පාරේ පදිංචි බණ්ඩාරගේ අසංක නුවන් සහ රුවන් චාමර යන දෙදෙනායි අද දින මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.
අදාල සැකකරුවන් දෙදෙනා ගාල්ල රිචර්ඩ් පතිරණ අනුස්මරණ පුස්තකාලය ආශ්‍රිත ප්‍රදේශයේ සිටිනා කුලී ත්‍රිරෝද රථ පදවන්නන් දෙදෙනෙක්.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19