hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 මාර්තු 14, ප.ව. 7:01


මහනුවර අනතුරින් 14 දෙනෙක් රෝහලේ – නගරාන්තර බසයේ රියදුරාට අසාධ්‍යයි

මහනුවර කටුගස්තොට මාර්ගයේ විද්‍යාර්ථ විදුහල අසල සිදුවූ රිය අනතුරකින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එම ප්‍රදේශවාසීහු පවසනවා.                                                                                                    

මහරගම සිට මහනුවර දක්වා ධාවනය වෙමින් පැවති නගරාන්තර බස් රථයක් සහ මහනුවර සිට හල්ලොලුව දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් 14 දින පස්වරු 4.45 ට පමණ ගැටීම හේතුවෙන් එම අනතුර සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථයේ රියදුරා මාර්ගයෙ නවතා තිබූ ලංගම බස් රථයකට අපරික්ෂාකාරී අයුරින් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටුණු බව සිද්ධිය දුටු ප්‍රදේශවාසීහු පවසනවා.

නගරාන්තර බස් රථයේ රියදුරා ඉතා දරුණු ආකාරයෙන් තුවාල ලැබ අසාධ්‍ය තත්වයෙන් සිටි බව ජනතාව සඳහන් කරන අතර ඔහු මෙන්ම තුවාල ලද බස් රථ දෙකේ ගමන්ගත් මගීහුද මහනුවර ජාතික රෝහල වෙත යැවීමට පියවර ගත් බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරනවා.                   

බස් රථයේ රියදුරා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකොට ඇති අතර අනෙක් මගින් සාමාන්‍ය ප්‍රතිකාර ඒකක සඳහා යොමු කළ බව මහනුවර ජාතික රෝහල ප්‍රකාශකයෙකු පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.