hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 9:20


කොල්ලුපිටියේ බස් රථ අනතුරින් 05ක් මරුට

අද (06) උදෑසන 6.00ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මිය ගිය ගොස්  පුද්ගලයන් දාහත කට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කොට තිබෙනවා.

පුරහල ප්‍රදේශයේ සිට බස් රථය කොල්ලුපිටිය දක්වා ගමන් කොට තිබෙනවා.

ගමන් ගන්නා විට දීම බස්රථය උඩට ගස කඩා වැටී තිබෙනවා.

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය එහි සිරවී සිටින පිරිස මුදවා ගන්න තිබෙනවා පසුව ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කලා.

ගිනි නිවන ඒකකය විසින් ගස කපා ඉවත් කිරීමේ කටයුතු දැනටමත් කෙරීගෙන යනවා ඒ අවට දැඩි මාර්ග අවහිරතාවයකට පත්ව තිබෙනවා.

ඩුප්ලිකේෂන් පාර මාකස් ප්‍රනාන්දු මාවත මහජන පුස්තකාලය අවට පෙදෙස කොල්ලුපිටිය අවට පෙදෙස දැඩි මාර්ග අවහිරතාවයට මුහුණ දී තිබෙනවා.