hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2024 මාර්තු 19, පෙ.ව. 7:59


අධිවේගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (19) අලුයම එම අනතුර සිදුව තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2R හා 45.3R කණු අතරදීය.

මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනයවූ කන්ටේනර් රථයක පිටුපස ගැටී එම අනතුර සිදුව ඇති අතර අනතුරින් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් තරුණයෙක් මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් වන අතර වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සැක කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: