hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ජනවාරි 21, ප.ව. 7:11


ජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවටට

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය බස් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවයි.

අධික වේගයෙන් පැමිණි බස්රථය ප්‍රපාතයකට ගොස් නැවතී තිබූ අතර එහි සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.