hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 02, පෙ.ව. 11:04


ජිවිත 7ක් නැති කළ නානුඔය බස් අනතුරේ රියදුරුට ලැබුණු තීන්දුව

නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී පසුගිය දා සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන්  බන්ධනාගාරගත කර සිටි බස් රියදුරු ඇප මත මුදාහැර තිබෙනවා.

අද දින යළිත් එම නඩුව නුවරඑළිය මහෙස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී රු 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරුට ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ කුඩුඋදුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතව නැවත කොළඹ බලා බස් රථ 7කින් පැමිණෙමින් සිටියදී එක් බස් රථයක් නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.