hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 06, ප.ව. 2:26


රුසියානු යානයට එරෙහි වාරණය අත්හිටුවයි

එයාර්ෆ්ලෝට් ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත්වීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් වාරණ නියෝගය අත්හිටුවා තිබෙනවා.

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලේ රඳවාගන්නා ලෙස නිකුත් කළ නියෝගය ඉවත් කරන ලෙසට යි නීතිපතිවරයා කොළඹ වානිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ.

ඒ, මෙම ගුවන් යානය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සඳහා මෙම නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙසට නීතිපතිවරයා කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනුකළ මෝසම සම්බන්ධයෙන් කරුණු දක්වමින්.