2024 මාර්තු 14, පෙ.ව. 8:51
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදෙශයේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් ‘සමන්කොල්ලා’ නැමැත්තාගේ නිවසට අද (14) අලුයම වෙඩි ප්‍රහරයක් එල්ල වී ඇත.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතර, අදාළ සිදුවීම වෙන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇත.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19